අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක – නව ආණ්ඩුවක් පිහිටුවීමට අවධානය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව උදාකර දීමට ඔහුගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

මේ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනපතිවරයා ලෙස කටයුතු කරන නව ආණ්ඩුවක් මේ යටතේ බිහිවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙසේ පිහිටුවීමට යන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරනු ඇති බවද වාර්තා වෙයි.

$ads={2}

මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද සඳහන් කර තිබුණේ සියලු පක්ෂවලින් සමන්විත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් වූ යෝජනාව සඳහා ජනපතිවරයාගෙන් මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව සඳහන් කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී රාජපක්ෂවරුන් සමග දේශපාලනය අවසන් බවද සඳහන් කළේය.

Post a Comment (0)
Previous Post Next Post