හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේදිනවල රැඳී සිටින්නේ ද ජනාධිපති මන්දිරයේ බවට ද වාර්තා පළ වනවා. අලුතින් පත් කරන ලද අමාත්‍යවරුන්ගේ රාජකාරියට බාධාවන ආකාරයට ඔහු උපදෙස් ලබාදෙමින් සිටින බවටයි වාර්තා වන්නේ.
මේ අතර ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙකු පත් කිරීමට ද මැදිහත් වී ඇත්තේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බව දේශපාලන ආරංචි පවසනවා. ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව සිට ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටයි.
$ads={2}
ඊට හේතු වී ඇත්තේ සියයට 20 ක වෙළඳපල කොටසකට හිමිකම් කියන ලාෆ් ගෑස් සමාගම සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සැලසුමක් සකස් කිරීමේ අරමුණින්. එහෙත් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ බලපෑම් මත ලිට්රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
2014 - 2015 යන වසරවලදී රුපියල් බිලියන 16 ක ලාභයක් ලැබූ ලාෆ් සමාගම මේවනවිට රුපියල් බිලියන 20 ක පාඩුවක් ලබන්නේ ද මෙවැනි දේශපාලන පත් කිරීම් හේතුවෙන් බවට දේශපාලන ක්ෂේත්රයේ පිරිස් පවසනවා.