මරණයක් මතින් වැඩ ඇරඹූ පොලිස් ඇමති..පොලිසියට බෑ පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්න – නීතිඥ උපුල් කුමරප්පෙරුම

මිනිස්සුන් අවේගශීලී වූ පමණින් පොලිසියට වෙඩි තැබිය නොහැකි බව නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසයි.

අද (අප්‍රේල් 19) රඹුක්කනදී දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර පොලිසිය සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන්  වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

කුමරප්පෙරුම මහතා පෙන්වා දුන්නේ, එවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් පොලිසියට ඉගැන්වීම් සිදු කර ඇති බව ය.

මෙම ප්‍රහාරයේ වගකීම, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, අමාත්‍යවරයා සහ පොලිසිය භාර ගත යුතු බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය. 

$ads={2}

"ගෑස් නැති කරලා, තෙල් නැති කරලා එච්චර මට්ටමක තියෙද්දී මිනිස්සු අවේගශීලී වූ පමණින් පොලිසියට හැකියාවක් නැහැ එහෙම වෙඩි තියන්න. 

පොලිසියේ කතාව විතරයි නේ අපි දන්නේ. මිනිස්සුන්ගේ කතාව අපි දන්නේ නැහැ නේ. මිනිස්සු පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියන්නේ, මිනිස්සු තුවක්කු අරගෙන ඇවිල්ලා නෙවෙයි නේ ඔතන හිටියේ. 

පොලිසිය කඳුළු ගෑස් ගහලා යන්නේ නැත්නම්, පොලිසියට බැට්න් චාජ් කරන්න පුළුවන්. ඒ වගේ පොලිසියට ගන්න පුළුවන් වෙන ක්‍රියාමාර්ග තියෙනවා. එහෙම නම් රබර් බුලට්ස් තියෙන්නේ. පොලිසියට එක පාරට ජීව උණ්ඩවලින් වෙඩි තියලා කරන්න බැහැ. 

මේ වගකීම අමාත්‍යවරයා ත් ගන්න ඕනේ, ආණ්ඩුව ත් ගන්න ඕනේ. ජනාධිපතිවරයා ත් ගන්න ඕනේ. මොකද ජනාධිපතිවරයාට හැම වගකිව යුතු පුද්ගලයෙක් ම, සංවිධානයක් ම, නීතිඥ සංගමය දිගින් දිගට ම කිව්වා මේ මිනිස්සුන්ව ඉතා ම පරිස්සමින් කළමනාකරණය කරගන්න කියලා. 

පොලිසියට ආයුධයක් දුන්නට පස්සේ පොලිසියට පුළුවන් කමක් නැහැ පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්න. ඒක නිසා පොලිසිය වගකීම අනිවාර්යයෙන් ගන්න ඕනේ. 

පොලිසියට පුළුවන් කමක් නැහැ මුල් අවස්ථාවේදී එහෙම වෙඩි තියන්න. ඒ වගේ එකක් විසුරුවා හරින්න පොලිසියට ක්‍රමවේදය උගන්නලා තියෙන්නේ. 

මේ සමස්ත ඛේදවාචකය ම ඇති කළේ, ජනාධිපතිවරයාගේ තීරණ නේ. මිනිස්සු එළියට බහින්නේ ඒවා නිසා."

Post a Comment (0)
Previous Post Next Post