මන්කි පොක්ස් වෛරසයේ වැඩි බලපෑමක් තියෙන්නේ මෙන්න මේ අයටයි..


මේ වනවිට ලොව පුරා රටවල් කිහිපයක පැතිර යන මන්කි පොක්ස් වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින්නේ තරුණ ප්‍රජාවට සහ ළදරුවන්ට බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාද්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ “මන්කි ෆොක්ස්” වෛරසයට එරෙහි එන්නතක් මේවනවිටත් භාවිතයේ පවතින බවයි. 

$ads={2}

මෙම වෛරසයේ දැනට ව්‍යාප්ත වෙමින් ඇති ප්‍රභේදය දරුණු තත්ත්වයක් ඇති නොකරන ප්‍රභේදයක් බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ. 

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මේවනවිට අනුගමනය කරන සෞඛ්‍ය ක්‍රමවේදයන් මන්කි පොක්ස් වෛරසයෙන් ආරක්ෂාවීමට ද වැදගත් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. 


Post a Comment (0)
Previous Post Next Post