සිකුරාදා දිනට පෙර අදාළ 21 වන ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායක අදහස් විමසීමටයි එහිදී තීරණය වී ඇත්තේ.
මේ අතර මෙම 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා.
$ads={2}
ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ 20 වන ව්‍යස්ථා සංශෝධනය මගින් බලාත්මක කල ද්විත්ව පුරවැසිබව 21 වන සංශෝධනය මගින් ඉවත් නොකර සිටිනවානම් පමණක් ඔවුන් එ සදහා සිය සහයෝගය ලබා දෙන බවයි.
එම පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අද පුවත්පත් වලට පවසා ඇත්තේ යම් හෙයකින් ගෙන එන සංශෝධනය මඟින් මෙම ද්විත්ව පුරවැසිබව ඉවත්කිරීමට කටයුතු කරනවානම් එය සම්මත කිරිමට සහයෝගය ලබා දීමෙන් වැලකි සිටින බවයි.
එහෙත් සියලු පක්ෂ හා විද්වතුන් ඉල්ලා සිටින්නේ 21 වන ව්‍යස්ථා සංශෝධනය ඉදිරිපත් කර ද්විත්ව පුරවැසිබව ඉවත් කරන ලෙසටයි.