පසුගිය සමයේදී රට පුරා විවිධ ස්ථානවල ඇති වූ සිදුවීම් හමුවේ ඔහු බොහෝ අවස්ථාවල ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර ,ඇතැම් දේශපාලකයින් එම නිසා ඔහුට වරින් වර දෝෂාරෝපණය කර තිබුනා.
මෙවන් තත්වයක් හමුවේ අදාළ තනතුරේ වගකීම් නිසි පරිදි ඉටු කිරීමට තරම් නිදහස් වාතාවරණයක් නොමැති වීම නිසාවෙන් ඔහු දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති අතර ඉල්ලා අස් වීමට බලපෑ ප්‍රධානතම හේතුව ද එය බවයි වාර්තා වන්නේ.
වන්නි රණ බිමේදී ඉතා තීරණාත්මක රාජකාරියක් කල ඔහු පසුගිය කොවිඩ් වසංගත අවධියේදී ද දැඩි ලෙස කැපවීමෙන් සිය වගකීම ඉටු කරනු ලැබූවා.
$ads={2}
එමෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කෝලාහලයන් පැවති පසුගිය සමයේදී ඔහු යුධ හමුදාව මෙහෙයවූ අතර එහිදී දේශපාලකයින් වෙනුවෙන් පෙනී නොසිටීම නිසාවෙන්ම ඉහළ දේශපාලන අධිකාරියන්හි චෝදනාවට ලක්වන්නටද ඔහුට සිදුවූවා.
කෙසේ වෙතත් හමුදාපති තනතුරෙන් ඉවත් වීමෙන් පසුව ඔහු දැනටත් වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ ටික දිනක් පමණක් කටයුතු කිරීමටයි ඔහු තීරණය කර ඇත්තේ.
සාමාන්‍යයෙන් හමුදාපති තනතුරෙන් පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර හෙබවීම හමුදා සම්ප්රදාය වන අතර එයට ගරු කිරිමක් ලෙස පමණක් සීමිත දින කිහිපයකට එම තනතුර බාර ගැනීමටයි ඔහු තීරණය කර තිබෙන්නේ.