ඥාණක්කාගේ දේවාලය හෝටලය හා නිවස ගිනි තබයි.. බඩු මුට්ටු ගමේ අහිංසක මිනිස්සුන්ට බෙදලා දීලා..

අනුරාධපුර ඥානඅක්කාගේ නිවසට, දේවාලයට සහ හොටලයට අද (10) අලුයම් කාලයේදී කඩා වැදුනු අරගලකරුවන් විසින් ගිනිතබා සම්පූරණයෙන්ම විනාශ කරන ලදි.

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවස ඉදිරිපිටට අරගලකරුවන් පැමිණේවි යන අවධානම හේතුවෙන් යුදහමුදාවේ 200 කට ආසන්න පිරිසක් කැඳවා ආරක්ෂාවටද යොදවා තිබීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් අරගලකරුවන් අද අලුයම 1ට පමණ පළමුව ඥානක්කාගේ නිවසට කඩා වැදුනු අතර එහිදී යුදහමුදාවේ සෙබලුනු පළමුව නිවස ආරක්ෂා කිරීමට පියවර ගත්තද පසුව අරගල කරුවන් විසින් ඥානක්කාගේ නිවස වටා ඉදිකොට තිබූ බැම්ම කඩා ඇතුලු වීමත් සමග යුදහමුදාව පසෙකට වූහ.

අනතුරුව අරගලකරුවන් විසින් ඥානක්කාගේ නිවසේ බඩු බාහිරාදියද සමහරක්  ගම්වාසීන්ට බෙදා දීමෙන් පසුව නිවසට ගිනිතැබීම සිදුකල අතර නිවස සම්පූරණයෙන්ම ගිනිගන්නා ලදි.

$ads={2}

ඉන්පසුව අරගලකරුවන් විසින් ඥානක්කාගේ දේවාලයට කඩා වැදුනු අතර එහිදී ආගමික පිළිම කිසිවකටත් හානි සුදු නොකළ අතර දේපලවලට පමණක් හානි කර ඉවත්වූහ.

අවසානයේ නවනුවර මාර්ගයේ පිහිටි ඥානක්කාගේ බවට සැලකෙන හෝටලයට කඩාවැදුනු අරගලකරුවන් විසින් හෝටලයේ සියලුම දේපල කඩා විනාශ කොට ගිනිතැබීමද විශේෂ විය.

කෙසේ වෙතත් ඥානක්කාගේ නිවසට තිබූ ආරක්ෂාව නිවසට ගිනිතැබීමෙන් අනතුරුව දේවාලයට සහ හෝටලයට ලබා නොදී ආරක්ෂාක අංශ ඉවත්වීමටද පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Post a Comment (0)
Previous Post Next Post