ජොන්ස්ටන්ගේ නිවසට හා විමල් වීරවංශගේ නිවසට ගිනි තබයි..

හිටපු අමාත්‍යවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් විරෝධතාකරුවන් විසින් පහරදී විනාශ කර තිබේ.

එහි තිබූ මත්පැන් බෝතල් තොගයක් ද මහ පාරේ තැන තැන විසිරී ඇත.

මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල නිවසට හා කාර්යාලයට ගිනි තබා තිබේ.

විරෝධතාකරුවන් පිරිසක් එහි පැමිණ එහි බඩුබාහිරාදිය විනාශ කර දමා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

තවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇත.

$ads={2}


Post a Comment (0)
Previous Post Next Post