එල් ටී ටී ඊ ප්‍රහාරය දියත් කිරීමේ සැලැස්ම සොයයි - ආරක්ෂාව තර කරයි..

ශ්‍රී ලංකාව ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට එල් ටී ටී ඊ සංවිධානයේ මෙරට හිටපු සාමාජිකයින් යළිත් එක්ව සැලසුම් සකස් කරන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ අදාළ තොරතුර සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශවලින් කරුණු විමසීමක් කර ඇති බවයි. 

එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස ඉන්දිය බුද්ධි අංශ මේ වන විට දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳ විමර්ශ
ණය කර තවදුරටත් තොරතුරු ඇත්නම් මෙරටට දැනුම්දෙන බවයි එහිදී සඳහන් කර ඇත්තේ. 

$ads={2}

කෙසේවෙතත් මෙරට බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වෙත ලැබෙන තොරතුරු නිසි විමර්ශණයක් සිදුකර අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ආරක්ෂාව තර කිරීම සඳහා අවශ්‍ය ඉදිරි සියලු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාව ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට එල් ටී ටී ඊ සංවිධානයේ මෙරට හිටපු සාමාජිකයින් යළිත් එක්ව සැලසුම් සකස් කරන බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.

-neth news

Post a Comment (0)
Previous Post Next Post