සුකේෂ් චන්ද්රෙස්කර්ට අදාළ රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ විමර්ශනයේ කොටසක් ලෙස ප්‍රකට නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ නම යටතේ රුපියල් කෝටි 7.27 ක ස්ථාවර තැන්පතුවක් අනුයුක්ත කර තිබූ අතර මෙය නිළිය වෙනුවෙන් චන්ද්‍රශේඛර් විසින් තිර රචකයෙකුට ගෙවන ලද බව සඳහන්කරමින් තැබූ මුදලක් ඇතුළත් විය.
2019 දී මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් සිරගත කරන ලද චන්ද්‍රශේකර්, ජැක්ලින්ට රුපියල් කෝටි 5.71 ක් වටිනා තෑගිද ලබා දුන් බව විමර්ශන කණ්ඩායම චෝදනා කර තිබේ.
$ads={2}
චන්ද්‍රශේඛර් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් පැවති බවයි.
ශිවින්දර් සිං නමැත්තෙකුගේ බිරිඳ අදිති සිංගේ පැමිණිල්ලකට අනුව චන්ද්රශේඛර්ට එරෙහිව මෙය කප්පම් නඩුවක් ලෙස මුලින් විභාගවූ අතර එහිදී අනාවරණය වෙමින් පැවති කරුණු අනුව විශුද්ධකරණ චෝදනා සහ නිළියගේ සම්බන්ධය කරළියට ආවේය.
විමර්ශනය පුළුල් වන විට, චෙන්නයි හි මුහුදු වෙරළේ මන්දිරයක්, ෆෙරාරි, බෙන්ට්ලි සහ රෝල්ස් රොයිස් ඇතුළු මෝටර් රථ 23 කින් යුත් විචිත්‍රවත් ව්‍යාජ මිනිසෙකුගේ සුපිරි ජීවන රටාව කරළියට පැමිණියේය.
විමර්ශකයින් නිලියගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඇය වංචාව සමඟ ඇති සම්බන්ධය පිළිබඳව ය.
ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු, රුපියල් ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු, මැණික් එබ්බවූ කරාබු Mini Cooper මෝටර් රථයක් සහ හර්මීස් බ්‍රේස්ලට් ඇතුළු තෑගි සමඟ ඇය චන්ද්‍රශේඛර්ගෙන් ඩොලර් ලක්ෂ 1.5ක ණයක් ලබා ගත් බවට පාපොච්චාරණය කර ඇති බව එන්ඩීටීවී වාර්තා කර තිබේ.
මධ්‍යම ඒජන්සිය, බොලිවුඩ් නිළියගේ පවුලේ සාමාජිකයින්ට චන්ද්‍රශේකර් විශාල මුදලක් ලබා දී ඇති බව ද සොයාගෙන ඇත.
මෙම වසර මුලදී, චන්ද්‍රශේඛර්ගේ නීතීඥවරයා බන්ධනාගාරය තුළදී ඔහු විසින් ලියන ලද ලිපියක් නිකුත් කරන ලද අතර, එහිදී ඔහු නිළියට ලබා දෙන තෑග්ග ඕනෑම සම්බන්ධතාවයකදී මෙන් සාමාන්‍ය දෙයක් බව ප්‍රකාශ කළේය.
"මා කලින් සඳහන් කළ පරිදි, මම සහ ජැකලින් එකිනෙකා දැක හඳුනාගෙන, සම්බන්ධතාවයක් ඇති කරගෙන සිටි අතර, එම සම්බන්ධයට පදනම් වූයේ මුදල් ප්රතිලාභ නොවේ"
“ඒ සම්බන්ධය තුළ කිසිම බලාපොරොත්තුවක් නැතිව එකිනෙකාට ආදරයක් ගෞරවයක් තිබුණි. කෙනෙක් එයාගේ ආදරණිය කෙනා වෙනුවෙන් කරන සාමාන්‍ය දේවල්. ඒක පුද්ගලිකයි. ඒ සියල්ල නීත්‍යානුකූල ඉපැයීම් වලින් වන අතර එය ඉතා ඉක්මනින් අධිකරණයේදී ඔප්පු වනු ඇත. ඇය දැනට පවතින මුදල් විශුද්ධිකරණ නඩුවට කිසිදු සම්බන්ධයක් නැත," චන්ද්‍රෙස්කර් ලියූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
දිල්ලියේ තිහාර් බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකු වන පාතාල නායක සුකේෂ් චන්ද්‍රසේකර් විසින් රුපියල් කෝටි 200 ක කප්පම් ගැනීමේ නඩුවකට අදාළව ජැක්ලින් මුල් කාලයේ අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කිරීමට ලක්වූ අතර ඇය ඒ සෑම අවස්ථාවකම සුකේෂ් හා තමා අතර විශේෂ ගනුදෙනුවක් සිදුනොවූ බවටත් ඔහුව හරිහැටි අඳුනන්නේ නැති බවත් දන්වා තිබුණි.නමුත් ටික ටික කරුනු එළිවෙද්දී ඇය පාපොච්චාරණයන් සිදු කලාය.
මෙම නඩුවේ මුල් පියවරක් ලෙස පසුගිය 2021 දෙසැම්බරයේ ජැක්ලින්ට රටින් පිටවීමට තහනම් කරමින් ඉන්දීය අධිකරණය නියෝගයක් ලබාදුන් අතර ඇගේ වත්කම් කෝටි 7 ක් අත්හිටුවීම දෙවන පියවර ලෙස ඊයේ සිදු විය.
(එන්ඩීටීවී ඇසුරිනි - Gossiplankanews.com)