
මේ අතර අග්‍රාමාත්‍ය නතතුර භාර ගැනීම සම්බන්ධයෙන් සමගී ජනබල සන්ධානය නියෝජනය කරනු ලබන සියලුම දේශපාලන පක්ෂවල නායකයින් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
$ads={2}
එහිදී බහුතර කැමැත්ත අනුව සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට නම් ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බවට යෝජනා වී ඇතෙ
ඒ අනුව මෙම රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අද දිනයේදී සමගී ජනබල පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඔවුන්ගේ ද අදහස් විමසා බැලීමට නියමිතය.
ඉන් පසුව ඒ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත යොමු කිරිමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.