
$ads={2}
කාන්තාවන්ගේ ජීවිත දැන දැනම විනාශ කරන එවැනි විත්තිකරුවන්ට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට තම අධිකරණය පසුබට නොවන නමුත් විත්තිකරුගේ එක් දරුවකු මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින අයකු වන බැවින් ඔහුගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සලකා වසර 45ක සිරදඬුවම වසර 15කින් එකවර ගෙවී යන ලෙස ලබාදීමට තීරණය කරන්නේ යැයි එම දඬුවම නියම කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. මෙයට වසර 18කට පමණ පෙර එවකට වසර 27ක විවාහකයක වූ එම විත්තිකරු ඔහු නේවාසිකව සිටි නිවස අසල පදිංචිකාරියක වූ 12 හැවිරිදි දැරියක් සමග සැමට රහසින් සබඳතාවක් පවත්වාගෙන යන අතරතුර විදේශගතවී ඇති බවත් වසර කිහිපයටක පසුව නැවත සිය රටට පැමිණ ඇයව දූෂණය කර ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි. තමන් ගැබිනියක වූ පසු සිය ප්‍රේමවන්තයා තමන්ව මඟහරින බව දැනගත් එම දැරිය ඔහුගේ නිවසේ දුරකථන අංකය සොයා දුරකථන ඇමතුමක් ලබාදුන් විට ඔහු විවාහක අයකු බව දැනගෙන තිබිණි. ඒ පිළිබඳව ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකළ ළමා හා කාන්තා කාර්යාංශය, ඔහු වින්දිත දැරියව රවටා ඇත්තේ බාල වයස්කාර අවධියේදී බවට අනාවරණය කර ගැනීමට සමත් වී තිබිණි.
රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවිය.
ඒ. ජේ. ඒ. අබේනායක