ඒ අනුව ජුනි 15 වනදා සිට කොළඹට ඇතුළු වන ප්‍රධාන ප්‍රවේශ මාර්ගවල ධාවනය වන පරිදි නව පාසල් බස් රථ සේවා 20 ක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
$ads={2}
නව පාසල් බස් රථ 20ක් 15 වැනිදා සිට පාසල් බස් රථ සේවය සදහා යෙදවෙනවා. මාසයක කාලපරිච්ඡේදයක් තුළදී මෙම බස් රථ සේවාව 20 සිට 50 දක්වා වැඩි කරන්න ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කටයුතු කරනවා.
බස් රථ සම්බන්ධයෙන් ගත්තොත් අද දෙමාපියන්ට තම දරුවන් පාසලට යැවීමේදී වෑන් රථ සදහා ගෙවන්නට සිදුවන මුදල විශාල ලෙස ඉහළ ගොස් පැවතීම නිසා අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන් දෙමාපියන් විදුලිපතිවරුන් ඇතුළු විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ගමනා ගමන මණ්ඩලයෙන් කරලා තියෙනවා.
සිසු සැරිය තවදුරටත් ව්‍යාප්ත කරන්න. නමුත් එය තරමක් අසීරු මූල්‍යමය තත්ත්වයක් නිසා, පාසල් බස් රථ පුළුල් කොට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබෙනවා.