ප්ලාස්ටික් බැරල් 7 ක අඩංගු ගොට තිබූ අදාල ඉන්ධන තොගය මෑත කාලයේදී වලදැමූ ඉන්ධන නොවන බවටත් යුදසමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා වලදමා තිබූ ඒවා බවට සැකපලකරන බවටද පොලීසිය පැවසීය.
උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි කන්දසාමී නැමත්තාගේ ඉඩම එලිපෙහෙලි කරන අවස්ථාවේදී අදාල ඉන්ධන බැරල් පොළවෙන් මතුවීම හේතුවෙන් එම වැසියා යුද හමුදාවට දැනුම් දී පසුව යුදහමුදාව විසින් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිතුමන්ට දැනුම් දී ඇත.
පුදුකුඩිඉරිප්පු පොලීසිය මගින් ඒ පිළිබඳව මුලතිව් අධිකරණයට දැනුම් දීමෙන් පසුව ඊයේ (20) දින මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල ස්ථානයේ කැනීම් සිදුකොට පොළව යට දමා තිබූ ඉන්ධන බැරල් 07 ක් ගොඩට ගත් අතර එම බැරල්වල අඩංගු කොට තිබූ භූමිතෙල් ලීටර් 715 ක් සොයාගනු ලැබීය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ඉඩමේ හිමිකරු කන්දසාමි වැසියා පොලීසියට පවසා සිටියේ,
‘මම මේ ඉඩම යුද්දෙ නිසා අතෑරලා ගියේ 2009 අවුරුද්දේ ජනවාරි මාසේ නැවත යුද්දෙන් පසුව පදිංචියට ආවේ 2011 අවුරුද්දේ. ඉන්පසුව මේ ඉඩමේ කිසිම සංවර්ධන වැඩක් කලේ නැහැ. පස්සේ මම මේ ඉඩමේ වගාවක් කරන්න හිතලා පස්කපන යන්ත්‍රයකින් පොළව සකස් කරනකොට මේ බැරල් මතුවුනා. මේවා කාගෙද කියන්න මම නොදන්න නිසා යුහමුදාවට දැනුම් දුන්නා. යනුවෙනි.
$ads={2}
ගොඩටගත් බූමිතෙල් තොගය බාවිතයට සුදුසු අයුරින් පවතින බවටත් අදාල භූමිතෙල් අද (21) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ