පෙට්ට්‍රල් ගන්න පෝලිම්වල ඉන්න එපා - බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි

ඉන්ධන ලබාගැනීමට අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාව දෙන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අද දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉදිරි දින 3-4 තුලදී පෝලිම්වල රැඳී නොසිටින ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. 

$ads={2}

අද වන විට මෙරට තුඅල් ඩීසල් මෙට්ට්ට්‍රික් ටොන් 40,000ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 4,000ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 8,300ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත් LIOC සමාගම සතුව පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් පවතින බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ හේතුවෙන් යම් කිසි සීමාවකට යටත්ව පෙට්ට්‍රල් තොග නිකුත් කිරීමට ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවත් ලංකා IOC සමාගමට තමන් සතුව ඇති පෙට්ට්‍රල් සංචිත වලින් වැඩි ප්‍රමාණයක් වෙළෙදපොළට නිකුත් කිරීමට ඉල්ලීමක් සිදුකළ බවයි ඔහු කියා සිටියේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ හැකි තරම් ගමන් බිමන් සීමා කරන ලෙසත්, සාමාන්‍ය ජනතාව විනෝද ගමන් යෑමෙන් වලකින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඉල්ලීමක් සිදුකර සිටියා.

පෞද්ගලික අංශයේ සේවකයින් රාජකාරි සඳහා කැඳවීම සීමා කොට හැකි තරම් නිවසේ සිට මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා පවත්වාගෙන යන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස ඉල්ලා සිටින බවයි අද පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

Post a Comment (0)
Previous Post Next Post