මට දෙමළින් යමක් කියන්න තියනවා - අටළුගම දැරිය ඝාතනයේ සැකකරු..

බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි පුද්ගලයා ඊයේ  අධිකරණයේදී නොසන්සුන් ආකාරයට හැසිරුනේය. ඔහුට අධිකරණයේ භාවිත සිංහල භාෂාව නොතේරුණ අතර ඔහු අධිකරණයේදී දන්වා තිබුනේ තමාට දෙමළ පමණක් කථාකරන්නට දන්නා බැවින් භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 296,  345, 354 සහ 355 යන වගන්ති යටතේ සැකකරුට එරෙහිව පොලිසිය මගින් චෝදනා නගා තිබිණී, මියගිය අයිෂා දැරිය වෙනුවෙන් පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක්ම පෙනී සිටි අතර ඒ අය අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ  අජිත් පී පෙරේරා මෙන්ම සුගත් හඳුන්ගේ, යූ.එල්. ජයන්ති ද සිල්වා සහ දුෂිකා රත්නායක යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනී සිටිනු වාර්තා විය.

බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අක්‍රම්  ෆාතිමා අයේෂා නමැති 9 හැවිරිදි දැරිය ඉකුත් 27 දා ඝාතනයට ලක්කිරීමේ චෝදනා ලද සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනය අනුව පොලිසිය පැවසුවේ දැරිය කුකුළුමස් මිල දී ගැනීම සඳහා ගොස් සිටි වෙළෙඳසලේ හිමිකරුගේ පුතාගෙන් සහ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, අසල තිබෙන වෛද්‍ය මධ්‍යස්ථානයක ආරක්ෂිත කැමරාවක දර්ශන එකතුකරගත් බවත්ය.

$ads={2}

අදිකරණයට ඉදිරිපත් කළ සැකකරු පැය 48 ක් ප්‍රශ්න කළ බවත් තවත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් දක්වමින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, පෞද්ගලික ප්‍රකාශයක් ලබාදීමට අවසර ඉල්ලා දෙන ලෙස සැකකරු අධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් පසුව භාෂා පරිවර්තකයකුගේ සහාය ඇතිව අද දින (1) ප්‍රකාශයක් ලබාදීමට මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.

පරික්ෂණ ඉක්මනින් නිමකිරීම සම්බන්ධයෙන් පොලිසියට ස්තූතිවන්ත වන බවත්, පවතින තත්ත්වය යටතේ සැකකරු විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරය තුළ රඳවන ලෙසත් නීතීඥ කන්ඩායම ඉල්ලා තිබුණි.

පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් දිසානායක සැකකරුව රඳවා ප්‍රශ්න කිරීමට ඊයේ අධිකරණය අවසර දුන්නේය.

ඒ අනුව අද (01) දිනය දක්වා ඔහු යළිත් රක්ෂිත බන්ධනාගාරයට යොමු කළේය.

 -gossip lanka news

Post a Comment (0)
Previous Post Next Post