අපිට බලය දීපු ජනතාවත් මේ අර්බුදයට වග කියන්න ඕන - බැසිල් රාජපක්ෂ කියයි..

මේ වන විට ඉන්දියාව ඇතුළු රටවල්වලින් ලබාදෙන ආධාර ලැබෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස තමන් සිදුකළ කටයුතු නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

තමන් එනවිට විදේශ සංචිතයක් මෙරට නොතිබූ බවත් 1951 සිට පැවති ආර්ථික ක්‍රමය මෙම තත්ත්වයට හේතුව බව පවසන බැසිල් රාජපක්ෂ තමන්ට හැකි ආකාරයෙන් රට වෙනුවෙන් කළ හැකි සියලුදේම සිදුකළ බවද සඳහන් කළා.

$ads={2}

තමන් දැන්ම විදෙස්ගත නොවන බවත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්විමට එක් හේතුවක් වූයේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියට එරෙහිව පැනවෙන නීතිය නිසා බවත් රාජ්‍ය පාලනය හා දේශපාලනය යනු දෙකක් බවත් තමන්ට වැඩි හැකියාවක් ඇත්තේ රාජ්‍ය පාලනයට වඩා දේශපාලනයට බව දැන් අවබෝධවී ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

පවතින තත්ත්වයට සියලුදෙනාම වගකිවයුතු බවත් තම පක්ෂයට බලය ලබාදීම සම්බන්ධයෙන් ජනතාවත් වගකිව යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

Post a Comment (0)
Previous Post Next Post