ඉදිරි මාස 6ක කාලයක් සඳහා තමන් වගකිමක් භාර ගැනීමට කැමති බවත් ඉදිරියේදී ඩොලර් ගේන ව්‍යාපෘති 100ක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ යුතු බවත් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.
හිරු නලිකාව හා වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදී ඔහුට යොමුකළ ප්‍රශ්න කිහිපයක් හා ඒ සඳහා ලබාදුන් පිළිතරු කිහිපයක් පහත පරිදි වෙයි.
Q සමහර දේශපාලන පක්ෂ ඡන්දයක් ඉල්ලනවා ඡන්දය තියන්න ඕනද නැත්ද?
A ඩොලර් ප්‍රශ්නයෙන් ප්රශ්නය. ඒක විසඳලා තමයි ඊළග එක විසදන්න ඕන. දැන් මේ ඉන්න 225න් 150ක්ම අත උස්සලා දැන් අවුරුද්දකට එක හමාරකට ඉස්සෙල්ලා විසිවැනි සංශෝධනය ගෙනාවා. ඒ අත උස්සපු කට්ටියම ආපසු අත උස්සන්න ඕන අපි ඉස්සෙල්ලා ගෙනාපු එක නරකයි. දැන් තව එකක් ගේන්න ඕන කියලා. ලෝකේ මට තව වෙන එක රටක් කියන්න අවුරුදු දෙකෙන් දෙකට ව්‍යවස්ථාව මාරු කරන.
Q ජනාධිපතිතුමා ගත්ත ඇතැම් තීන්දු වැරදියි කියලා ජනතාව කියනවා?
A කෘෂිකර්මයට ගත්ත තීරණ වැරදියි.
Q ජාතික ආර්ථික සභාවේ එතුමට උපදෙස් දෙන්න කමිටුවක් පත්කළා. ඇයි ඒක ඒ කිව්වේ නැත්තේ?
A මම යන්නේ වැරදි කියන්න නෙමෙයි. ඩොලර් හදන විදිහ හදන්න කියන්න තමයි මම යන්නේ.
Q අයි.එම්.එෆ්. එකට යන්න පරක්කු වුණාද නැත්නම් අයි.එම්.එෆ්. එකට යන එක වැරදිදි?
A ණය ගන්න එක නෙමෙයි මේකට විසඳුම. ණය ගන්න ඕන හදිස්සියට හැබැයි ඩොලර් හොයන එක තමයි මේකට විසඳුම.
Q රුපියල පා කරන්න ප්‍රමාද වුණාද?
A පා කරලා මේ 360ට ගෙනාපු එකෙන් මිනිස්සුන්ට කන්න විදිහක් නෑ. පාන් ගෙඩියක් රුපියල් 160ට ගිිහින් තියෙන්නේ. 203දී ආපු විදේශ ප්‍රේෂණ ප්‍රමාණයයි. 360දී ආපු විදේශ ප්‍රේෂණ ප්‍රමාණයයි දෙකම එකයි. කලින් කිව්වා 260ට ගෙනාවොත් ප්‍රේෂණ ඔක්කොම එයි කිව්වා, ආවද?
$ads={2}
Q ඔබ වගකීමක් භාර ගන්න ලෑස්තිද?
A මම ඉදිරි මාස 6ට වගකීමක් ගන්න ලෑස්තියි.
Q ඔබ මුදල් ඇමති හරි මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දුන්නොත් හරි මුලින්ම කරන කරුණු පහ මොනවද?
A ලංකාවේ වැඩියෙන්ම ප්‍රාග්ධන වියදම් යන ව්‍යාපෘති 100 අරගෙන ඒ 100 කොමිෂන් එකක් දාන්න ඕන අල්ලස් කොමසාරිස්, විගනකාධිපති, සුනිල් හඳුන්නෙත්ති, හිටපු විගනකාධිපති ගාමිනී විජේසිංහ වගේ මත්වරු වගේ අය පත්කරලා දූෂණයක් වෙන්න කලින් තමයි නවත්වන්න ඕන. දූෂණයක් ඉවරවුණාට පස්සේ අල්ලස එක නෙමෙයිනේ කරන්න ඕන