පාස්පෝට් ප්‍රාදේශීය කාර්යාලවලත් එක්දින සේවා..

ප්‍රධාන නගර කිහිපයක ආගමන විගමන දෙපාර්තමේන්තු ශාඛාවන්හි එක්දින සේවා ආරම්භ කිරීමට කටයුතු කරන බව ත් යාපනයට නව ආගමන විගමන කාර්යාලයක් ආරම්භ කරන බව ත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පැවසීය.

යාපනය කාර්යාලය තම වියදමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේ ය.

රට තුළ පවතින විදේශ රැකියා ඉල්ලුම හේතුවෙන් අයැදුම්කරුවන් විශාල සංඛ්‍යාවක් පාස්පෝට් කාර්යාල අසල පෝලිම්වල රස්තියාදු වන බව ත් මෙයට විසඳුමක් ලෙස මාතර, නුවර, වවුනියාව, කුරුණෑගල යන ශාඛාවලින් එක්දින සේවය ක්‍රියාත්මක කරන බව පෙරේරා මහතා පැවසුවේ ය.

$ads={2}

මාර්ගගත ක්‍රමවේදය යටතේ අයැදුම්කරුවන් ඉතා වැඩි පිරිසක් ඉල්ලුම් කිරීම නිසා ආගමන විගමන කාර්යාලයෙන් ලබා දෙන පැමිණීමේ දිනය මාස දෙක තුනක් ඉදිරියට දීර්ඝ වන බවත් ඒ තුළින් කඩිනමින් ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමට නොහැකි වන බව ත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.

පවතින තත්ත්වය අනුව, නව කාර්යාල ආරම්භ කිරීමට ටෙන්ඩර් කැඳවීමක් සිදු කිරීමට නොහැකි බව ත් තම මුදලින් ඒ කාර්ය සිදු කරමින් මේ සේවාව කඩිනම් කිරීමට මේ වන විටත් කටයුතු සිදු කර ඇති බව ත් ඔහු පැවැසුවේ ය.

Post a Comment (0)
Previous Post Next Post