දරුවන් අතර පැතිර යන වෛරස් රෝගයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්..

කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගයක් මේ දිනවල පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා .

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ රෝගය පහසුවෙන් පැතිර යන අතර එක් වරක් වැලඳුණු දරුවන්ට යළි වැළදීමේ හැකියාව ද පවතින බවයි.

“සමහර වෙලාවට සුදු වතුර පිරුණු බිබිලි වගේ හැදෙනවා. කටේ රතු ලප එන නිසා ඒ දරුවන්ට කෑම අරුචියක් සහ අසහනකාරී තත්ත්වයක් ඇති වෙනවා. උණ ඇතිවෙනවා සමහර අයට. ඊට අමතරව මේ බිබිලි සමහර අයගේ කසනවා. මේක ඉතාම පහසුවෙන් දරුවෙකුගෙන් දරුවෙකුට බෝවෙන්න පුළුවන්. මේක වෛරස් එකක්. ” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

$ads={2}

මේ අතර දරුවන් අතර පැතිර යන වෛරස් රෝගයක් පිළිබඳ දැනුවත් කරමින් බස්නාහිර පළාතේ පෙර පාසල් වෙත ද බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුවත් කිරීමේ ලිපියක් යවා තිබෙනවා.

එය පහතින් දැක්වෙනවා.

Post a Comment (0)
Previous Post Next Post