අක්කරපත්තුව පොලිස් වසමේ පල්ලකාඩු කුණු කන්ද ප්රදේශයේදී වන අලියෙකුගේ පහරදීමෙන් මාස 4ක බිළිඳෙකු මිය ගොස් තිබේෙ
ඊයේ (ජූනි 8) සවස් කාලයේදී මෙම සිද්ධිය සිදු ව ඇති අතර මිය ගිය බිළිඳා විනයාගපුරම් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය බිළිඳාගේ මව සහ පියා ගවයින් බලා ගැනීමට ගොස් සිටියේදී මෙම අනතුර සිදු ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
$ads={2}
මව ද වන අලි ප්රහාරයට ලක්ව තුවාල ලබා අක්කරපත්තුව රෝහලේ ප්රතිකාර ලබයි
මියගිය බිළිඳාගේ මෘත ශරීරය අක්කරපත්තුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.