ජනපති රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි… අසනීප මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතුයි..- අමරවීර


රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතා එතුමන් ගේ විශිෂ්ඨ ආර්ථික දැක්ම උපයෝගි කරගෙන යළි ආර්ථිකය ගොඩනඟා රටේ අනාගතය සුරක්ෂිත කළ බව කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

2001 වසරේ මෙරට ආර්ථිකය රින වර්ධනයක් පෙන්නුම් කරමින් දැවැන්ත ආර්ථික පසුබැසිමකට ලක් වු අවස්තාවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්ව ඒ තත්ත්වය වෙනස් කරමින් රටේ ආර්ථිකය ගොඩනැගු බව ඇමතිවරයා පැවසිය.

යල්පැන ඇති සමාජවාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් බංකොලොත් වු රටක් ගොඩනැගිය නොහැකි බවත් නව ලිබරල්වාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් පමනක් බංකොලොත් වු රටක් ගොඩනැගිය හැකි බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

මෙරට තෙල් අර්බුදයට කඩිනම් විසදුම් සේවිමට නම් රුසියානු ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලබාගැනිමට ගිවිසුම් ගත විය යුතු බවද රාජපක්ෂ පවුල විශාල ජනතා අප්‍රසාදයකට ලක් වි ඇති නිසා සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වයද සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ශ මහාතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනිම කාලෝචිත බවද ඇමතිවරයා පැවසිය.

$ads={2}

හෙතෙම මේ අදහස් දැක්වුයේ ඊයේ(30)අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ශ්‍රි.ල.නි.ප හමිබන්තොට දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකවරුන් ගේ හමුවක් අමතමින්ය.

– සුසන්ත විජේතුංග

Post a Comment (0)
Previous Post Next Post