ජනපති පුටුවේ වාඩි වී ජායාරූපගත් පුද්ගලයා රාජ උදහසට ලක්වෙයි


පසුගිය  මස 9 වන දා කොටුව ජනපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වි ජනාධිපති අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ජායාරූප පුද්ගලයෙකු ඊයේ(02දා) දහවල්  කාලයේදී දැරණියගලදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 28ක් වන සමන්පුර ගම පදිංචිකරුවෙක් බව පොලීසිය කියනවා.

එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට අපේල් මස 24 වන දා ආරම්භ වු විරෝධතාවය ආරම්භයේ සිට රැදි සිටිමින් එය අවසන් කරන අවස්ථාවේ අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුලු වී අයුතු ජනරාශියක සාමාජිකයෙක් ලෙස කටයුතු කල

පුද්ගලයන් දෙදෙනෙක් ද ඊයේ දහවල් ජා ඇලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

$ads={2}

අවුරුදු 35ක් හා 37ක් වයසැති සැකකරුවන් තුඩැල්ල හා මා එළිය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාරි ගත කර තිබෙනවා.


Dasatha Lanka News

Post a Comment (0)
Previous Post Next Post