සුමුදු රුක්ෂාන් ඝාතන සිද්දියේ ප්‍රධාන සැකකරු ගල්කොරියකට වැටී ජීවිතක්ෂයට.


සංවිධානාත්මක අපරාධකරුවකු හා කුලී ඝාතකයෙකු මෙන්ම අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු වන වර්තමානයේ හරක්කටාගේ ගොලයෙකු වන තුවාන් සිරාන් නැමැත්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවෙන් මිදී පලා යෑමේදී ගල්කොරියකට වැටී ජීවිතක්ෂයට පත්වේ.

සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම කුලී ඝාතකයකු හා 2022.08.02 දින කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් ඝාතන සිද්දියේ ප්‍රධාන සැකකරු වන තුවාන් ශිරාන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගිණි අවියක් සමග අත්අඩංගුවට ගත් අතර 2022.08.08 වන දින නවගමුව පොලිස් වසමේ දී විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවෙන් පැන යාමේදී ජීවිතක්ෂයට පත්විය. 

මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රබල පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ ප්‍රධානම ඉලක්ක වෙඩික්කරු ලෙස කටයුතු කල අතර වර්ථමානයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස කටයුතු කර ඇත. මොහු අපරාධ රැසකට සම්බන්ධ අතර වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ දී මන්නාවලින් කපාකොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2016 වර්ෂයේ මෝදර පොලිස් වසෙමේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2019 - 2017 වර්ෂ වලදී වැල්ලම්පිටිය පොලිස් වසෙමේ පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීම, 2019 වර්ෂයේ කොලොන්නාව මාදින්නාගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීම, 2019 වර්ෂයේ දී පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් හෙරොයින් සහ අයිස් සමග අත්අඩංගුවට පත්වීම, 2018 වර්ෂයේ ඡීව අත්බෝම්බ දෙකක් සමග අත්අඩංගුවට පත්වීම, 2016 වර්ෂයේ කොළඹ අපරාධ කොට්ඨාෂය මගින් ගංජා ලග තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගැනීම, 2018 වර්ෂයේ පෑලියගොඩ පොලිසිය මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වීම යන අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධානපෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස තුවාන් ශිරාන් නැමැත්තා හදුන්වනු ලබයි.

$ads={2}

මොලස විවිධ අපරාධ සිදු කරමින් නීතියේ ඇසට වැලි ගසමින් තවත් අපරාධ රැසක් සිදු කිරීමට ඉව අල්ලමින් සිටිය දී, පොලිස් විශේෂ කාර්ය බලකායේ බලවත් පරිශ්‍රමයක් දරා යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන විමර්ශණ කටයුතු සිදු කරමින් සිටිය දී අත්අඩංගුවෙන් මිදී පලායෑමේදී ගල්කොරියකට වැටී මිය යන ලදි.




Post a Comment (0)
Previous Post Next Post