අහංගම ප්රදේශයේ හෝටලයක් තුල දී ඊයේ (04) රාත්රියේ වෙඩි තැබීමක් සිදුවී ඇත. එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතල තුවාල ලබා ඇත. වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඔහු මිදිගම ප්රදේශයේ පදිංචි අයෙකු බවත් තිදරු පියෙකු බවත් වාර්තා විය.
මෙම පුද්ගලයා තවත් අයෙක් සමඟ හෝටලයට පැමිණ සිටියදී නාඳුනන පුද්ගලයෙකු වෙඩි තබා පළාගොස් ඇති බව අහංගම පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා මීට මාස දෙකකට පෙර බන්ධනාගාර ගතව සිට නිදහස ලබා පැමිණි අයෙකු බව හඳුනාගෙන තිබේ.
විදුලිය විසන්ධි වී තිබු අවස්ථාවක අවන්හලට පැමිණි සැකකරුවන් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර වෙඩිතැබීම හේතුවෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා අවන්හලේ මුදල් අයකැමිවරයාය. ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.
මෘත ශරීරය මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතව ඇත.
මේ අතර පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ලුණුගම්වෙහෙර ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ සිය බිරිඳගේ වැඩිමහල් සහෝදරයා සමඟ ඇති ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති බවය.
$ads={2}
මියගොස් ඇත්තේ 34 හැවිරිදි අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.