සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ ඇමති ධුරවලට පොරකති


පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමති පුටුවලට විශාල තරගයක් ඇති වී තිබෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් තම පක්ෂවලට ලැබිය යුතු ඇමති ධුර ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනටමත් අදහස් හුවමාරු කරමින් සිටී.

නමුත් බොහෝ පක්ෂ විසින් ඉල්ලා සිටින ප්‍රමාණ සම්බන්ධයෙන් මෙතෙක් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නොමැති වීම හේතුවෙන් ඇතැම් පක්ෂ යම් තරමක කනස්සල්ලකින් පසු වන බව ද වාර්තා වෙයි.

$ads={2}

මෙම තත්වය මත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති ධුර බෙදීමේ දී දැනටමත් ගැටලුකාරී තත්ත්වයක් පැන නගී ඇත.

Post a Comment (0)
Previous Post Next Post