වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි.
සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
යහපාලන රජයේ අවසාන සමයේ ඔහුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද එක්සත් ජාතික පක්ෂය විසින් පත්කරනු ලැබූ අතර සති කිහිපයක් එම තනතුරේ සිටිමින් වාහනයක් ලබාගත් හැටි ගැනද විවිධ කතා පළවිය.
$ads={2}
මේ අතර ඔහුගේ නව පත්වීම ගැන අරගලයට පක්ෂපාතී පිරිස් චෝදනා මුඛයෙන් අදහස් පළ කර තිබෙන අතර ඔහු අරගලය පාවාදීමක් සිදු කර ඇතැයි පෝස්ටු පළව තිබේ.