ගුරුවරයෙකු පොල්ලකින් පහර දී බරපතල වූ සිසුවෙකු රෝහලේ


පාසලට දින දෙකක් නොපැමිණියේ යැයි ගුරුවරයෙකු විසින් පාසැල් සිසුවකුට පොල්ලකින් පහර දීම මත එම සිසුවා බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

කිලිනොච්චි ප්‍රදේශයේ පාසලක මෙම සිදුවීම සිදුව ඇත.

පහරකෑමට ලක්වූ දහතුන් හැවිරිදි පාසල් සිසුවාගේ පාපැදිය කිසිවකු විසින් සොරා ගැනීම නිසා ඔහුට දින දෙකක් පාසලට පැමිණීමට නොහැකි වූ බව මවුපියන් කියා සිටිති.

$ads={2}

සිදුවීම සම්බන්ධයෙන් මවුපියන් විසින් කිලිනොච්චිය පොලිසියට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාට පැමිණිලි කර තිබේ.


Post a Comment (0)
Previous Post Next Post