පොලිසියෙන් බේරෙන්න අනුන්ගේ කුස්සියකට රිංගා හොද්දත් හැඳිගාලා - ගෙහිමි කතගෙන් හැඳි පහරක්


රත්නපුර ප්‍රදේශයේ ගම්මානයක පවත්වාගන යන හොර කසිප්පු තිප්පොළකි. මෙම ස්ථානයට එන පුද්ගලයන් පොලිසියෙන් බේරීමට විවිධ උපක්‍රම යොදා ගනී.මත්පැන් අලෙවිකරුද සුක්ෂම ලෙස තම රාජකාරිය කරගෙන යයි. එදිනෙදා කුලී වැඩවල යෙදෙන පුද්ගලයන් වැඩ නිමවි නිවසට යාමට පෙර එන්නේ මේ ස්ථානයටය. 

නිවෙස්වලද රණ්ඩු සරුවල් අඩුවක් නොවුණ බැවින් මේ පිළිබඳව මත්වෙන පුරුෂයන්ගේ බිරින්දෑවරුන් මෙය නැවැත්විමට නොගත් උත්සාහයක් නැත.මෙම බිරින්දෑවරුන්ගෙන් ලද ඔත්තුවකට අනුව එදිනද මෙම තිප්පොළට පොලිසියෙන් පැන්නේය. මත්වෙමින් සිටි අය හිස් ලූලූ අත දිවයද්දී එකා දෙන්නා පිටුපස පොලීසියද ලුහුබැන්දේය. මෙම තිප්පොළේ සිටි අසල්වැසි පුද්ගලයකු පසුපසද පොලිස් නිලධාරියකු පන්නද්දී ඔහු දිවගොස් නතරවූයේ එක්තරා නිවසක කුස්සියකය. ගෙහිමි කත සිටියේ ළිපේ වු හොද්දක් හැඳි ගාමිනි. 

මෙම පුද්ගලයා ගෙහිමි කතගේ අත තිබූ හැන්ද උදුරාගන හොද්ද හැඳිගාන්නට වූයේ නිවසේ පුද්ගලයකු බව ඒත්තු ගැන්විමටය. කේන්තිය ඉහවහා ගිය කාන්තාව හැන්දෙන්ම ඔහුට පහර දෙද්දි කුස්සියේ දොරෙන්ම එළියට පැන්න ඔහු පොලිස් නිලධාරියකුට කොටුවිය.

Post a Comment (0)
Previous Post Next Post