ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කැබිනට් ඇමැති ධුරයට සමාන රාජ්‍ය බලතල ලබාගෙන තිබේ. මහ බැංකු අධිපතිවරයාට මෙම බලතල ලබා දීම සඳහා 2021 ඔක්තෝබර් 12 වැනිදා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් රාජ්‍ය ධුරාවලිය (Table Precedence) සංශෝධනයට ලක්කර ඇත.
මීට පෙර රාජ්‍ය ධුරාවලියේ මහ බැංකු අධිපති තනතුර පැවැතියේ 20 වැනි ස්ථානයේය. එහෙත් මෙම නව සංශෝධනයට අනුව රාජ්‍ය ධුරාවලියේ 05 වැනි ස්ථානයට මහ බැංකු අධිපති ධුරය උසස්කර ඇත. රාජ්‍ය ධුරාවලියේ ජනාධිපති, අගමැති, කථානායක හා අග විනිසුරු යන ධුරවලින් අනතුරුව මෙතෙක් උසස්ම තනතුරු ලෙස සලකන ලද්දේ පස්වැනි ස්ථානය හෙබ වූ විපක්ෂ නායක, කැබිනට ඇමැති සහ ෆීල්ඩ් මාර්ෂල් යන ධුරයන්ය. මෙම නව සංශෝධනයට අනුව මහ බැංකු අධිපති ධුරයද පස්වැනි ස්ථානයේ රැඳුණු එම තනතුරු අතරට එක්කර තිබේ.
-නයන තරංග ගමගේ