බලය ලබාගත් පසු උන්මත්තකයෝ වගේ හැසිරෙනවා - දයාසිරි ජයසේකර


නිකවැරටිය, ගල්කන්ද ප්‍රදේශයේ බතික් කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් දයාසිරි අමාත්‍යවරයා පොහොර ගැටලුව පිළිබඳ අදහස් කිහිපයක් මතුකරන ලදි. 

බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡකමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතු බවත් ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම මුල ඉදලම කිව්ව මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙනවා කියලා යනුවෙනුත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. දැන් අපේ ගොවීයන් වැඩ කටයුතු ටික කරලා පොහොර නැතිව බලාගෙන ඉන්නවා යැයි ද ඔහු ඔහු සදහන් කරයි

”දැන් පිටරටින් ගෙනත් තියෙන්නෙත් ඇත්තටම රසායනික පොහොරක්. එක පුද්ගලයකු විතරයි කියන්නේ ඒවා රසායනික නෙමෙයි කියලා. මේ ගෙනත් තියෙන්නෙත් රසායනික පොහොරම තමයි. ඒකේ ටොන් එකක් ඩොලර් 400 ක් වෙලා තියෙනවා. ඒ වෙලාවෙ යූරියා ටොන් එකක් ගෙනාවේ ඩොලර් 225 ට. ඒ වෙලාවේ යූරියා ටික ගෙනාවනම් අද මෙහෙම වෙන්නෙ නැහැ. ගොවීන්ගේත් අදහස වෙන්නේ සීයට පනහ බැගින් රසායනික පොහොර සහ කාබනික පොහොර යෙදීම කළොත් හොදයි කියලා. දැන් තව දවස් 15 ක් විතර වෙනකොට පොහොර නොලැබුණොත් ගොවි බිම් සෑහෙන ප්‍රමාණයක් අතහැර දමන තත්වයක් ඇති වෙයි. අද ගොවීන් වී ටික ගෙවල්වල තියාගෙන ඉන්නවා විකුණන්නේ නැතිව.

ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් සධාරණ මිළක් නොලැබීම. අනික මේ පොහොර ප්‍රශ්නය නිසා මෙවර මහ කන්නයේ අස්වැන්න ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමන්ට කන්න හරි වී ටිකක් තියාගන්න ඕන කියන අරමුණින් වී විකුණන්නේ නැහැ.

ඒ හේතුවෙන් නැවත වෙළද පොලේ හාල් හිගයක් ඇතිවෙනවා. ඒකට විකල්පය වෙන්නේ හාල් පිටරටින් ගෙන්වන එක. මේක විශම චක්‍රයක් වගේ වෙලා තියෙන්නේ මේ පොහොර සම්බන්ධයෙන් ගත් වැරදි තීරණය නිසා."

Post a Comment (0)
Previous Post Next Post