සංචරණ සීමා දැඩි කළත් විශාල පිරිසක් මධ්‍යම සහ ඌව පළාත්වල සංචාරයේ

 

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතෙන් පිටවීමට සහ ඇතුළුවිමට උත්සාහ කළ රථවාහන 1,690ක් සහ පුද්ගලයින් 2,762 දෙනෙකු ඊයේ දිනයේ පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා. 

ඒ අතරින් පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ගමන් කිරීමට උත්සාහ කළ වාහන 326ක් සහ පුද්ගලයින් 783 දෙනෙකු ආපසු හරවා යැවීමට පියවර ගත් බවයි පොලිසිය පැවසුවේ. නිරෝධායන රෙගුලාසී උල්ලංඝණය කළ පුද්ගලයින් 52 නෙකුද අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. 

මේ අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම සතිඅන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුව වෙනුවෙන් දේශීය සංචාරකයින් කලින් වෙන්කර ගෙන තිබු සංචාරක හා නිවාඩු නිකේත රැසක වෙන් කිරීම් විශාල ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා. 

කෙසේවෙතත් තවත් දේශීය සංචාරකයින් පිරිසක් නුවරඑළියට පැමිණ ඇති බවයි අප වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.

Post a Comment (0)
Previous Post Next Post