ගුරු වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා පාසල් සිසුන් පිරිසක් පාර්ලිමේන්තුවට කඩා වදී


කොන්ගෝවේ පාසල් සිසුන් සියයකට වැඩි පිරිසක් එරට පාර්ලිමේන්තුවට කඩා වැදී තිබෙනවා. ඒ සති දෙකකට අධික කාලයක් තිස්සේ පැවැත්වෙන එරට ගුරු වර්ජනය අවසන් කිරීම සඳහා ගුරු වැටුප් වැඩි කරන ලෙස රජයට බල කරමින්. 

වැටුප් ගැටළුව ඇතුලු ගැටලු රැසකට විසදුම් ඉල්ලා කොන්ගෝ රාජ්‍යයේ ගුරුවරුන් මෙම මස මුල සිට වැඩවර්ජනයක නිරිත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත පැමිණ සිසුන් පිරිස කොන්ගෝ පාර්ලිමේන්තුවේ උප සභාපතිවරයා විසින් පිළිගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Post a Comment (0)
Previous Post Next Post