කොරෝනා පෙන්වමින් ආණ්ඩුව රැස්වීම සීමා කිරීම සදහා ගැසට් ගසන්නේ 16 වැනිදා කොළඹට පැමිණෙන ජනතාවට බියවී බවත්, ආණ්ඩුවේ තර්ජනයන්ට නොබියව යොදා ගත් පරිදි 16 වැනිදා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත රැලිය කොළඹ පවත්වන බවත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙන් සදහන් කර සිටියේය.
එම ප්‍රකාශකයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුවේ දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව දැනටමත් විශාල ජනතාවක් කොළඹට පැමිණීමට සූදානමින් සිටින බවකි.
$ads={2}
මේ බව වටහාගෙන ඇති ආණ්ඩුව කොරෝනා පිට දමා උද්ඝෝෂණ නැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ගැසට් ගසා ජනතා විරෝධය යටපත් කළ නොහැකි බවත් එම ප්‍රකාශකයා සදහන් කර සිටියේය.