බොරතෙල් නෑ.. 15 සිට සපුගස්කන්ද වහන්න වෙයි.. ගම්මන්පිල කලින්ම කියයි..

පිරිපහදු කිරීම සඳහා බොරතෙල් නැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව එළැඹෙන 15 වනදා සිට වසා දැමීමට සිදුව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

පිරිපහදුවේ ඉහල නිලධාරියෙකුද එම තොරතුරු තහවුරු කර ඇති බවත් වාර්තාව කියා සිටී.


බොරතෙල් රැගත් නැවක් මෙරටට පැමිණීමට නියමිත ඇත්තේ දෙසැම්බර් මාසයේ තුන්වන සතියේ බවත් එතෙක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදු වනු ඇති බවත් පුවත්පත් වාර්තාවේ සඳහන්ය.

දෙසැම්බර් මාසයේ බොරතෙල් රැගෙන එන නැව් මගින් ගෙන එනු ලබන බොරතෙල් මෙට්‍රික් ටොන් අනූදාහ ප්‍රමාණවත් වන්නේ දින පහළොවකට පමණක් බවද එම වාර්තාව කියා සිටී.

දෙසැම්බර් මාසයේ තුන්වන සතියට පසු නැවතත් බොරතෙල් නැවක් පැමිණීමට ඇති ජනවාරි මාසයේ මැද වන තෙක් නැවතත් පිරිපහදු වසා ලැබෙනු ඇතැයි ද වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

සපුගස්කන්ද පිරිපහදුව බොර තෙල් නැතිවීම හේතුවෙන් වසා තැබීමට සිදු ව ඇත්තේ ඉතිහාසයේ පළමු වරට බවද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

 $ads={2}

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ මෙරට බොර තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තමන් ඔක්තෝබර් මාසයේ දී සඳහන් කර ඇති බවයි.

එළඹෙන පහළොස් වනදා වන විට බොරතෙල් හිගයක් ඇති වන්නේදැයි අද දිනය තුල නිශ්චිත වශයෙන්ම කිව හැකි බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ හේතුවෙන් මෙරට ඉන්ධනයක් ඇති නොවන බවද පැවසූ ඔහු වෙළඳපලෙන් පෙට්ට්‍රල් ඩීසල් තොග ලැබෙන නිසා මෙරට ඉන්ධන සැපයුම සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවද පැවසීය.

-lanka c news

Post a Comment (0)
Previous Post Next Post