මිලිටරිය යොදා ජනතා නැගිටීම් පාලනය කළ නොහැක. ලැජ්ජයි. | [VIDEO]


අද (16) පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී සමගි ජන බලවේගය විසින් සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට නියමිත විරෝධතාවය මැඩ පැවැත්වීමට ආණ්ඩුව සියළුම උත්සාහයන් දරමින් සිටී. ජනතාවට කොළඹට පිවිසීමට නොහැකි වන පරිදි පොලීසිය යොදවා බස්රථ බලහත්කාරයෙන් නතර කරමින් ඇත. 

මෙරට ගොවි, කම්කරු ජනතාව ප්‍රමුඛ සෑම දෙනෙකුටම පාහේ දරා ගැනීමට නොහැකි අයුරින් ඇතිවී තිබෙන අනේකවිධ ගැටලු වලට ආණ්ඩුවට වගේ වගක් නොමැති අතර එයට එරෙහිව විරෝධතාවයක් හෝ කිරීමට ඉඩ නොදීමේ පහත් තත්ත්වයට ආණ්ඩුව පත්වී තිබීම කණගාටුවට හා ලැජ්ජාවට කරුණකි. 

තමන්ගේ ගැටලු හඬනගා කීමට එන ජනතාව මෙසේ බලහත්කාරයෙන් නවත්වන්නේ ආණ්ඩුවට ඔවුන් ගැන කිසිම හිතක් පපුවක් නැති නිසාද? මේ වීඩියෝවේ දැක්වෙන්නේ එක් උදාහරණයක් පමණි.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post