උමාලි ඉරුදිණී තිලකරත්න කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රතිභාපූර්ණ රංගන කෞශල්‍යය විදහා දැක්වූ විශිෂ්ට රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. ඇය සතු අපූරු රංගන විලාසය නිසාම බොහෝ විට ඇයට ලැබෙන්නේ සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වටිනා කියන චරිතයි.
උමාලි විසින් රඟපෑ සකර්ම,මහගෙදර,බොහිමියානුවා ආදී ටෙලි නාට්‍යයන් අදටත් ප්‍රේක්ෂකයන් තුළ ජනප්‍රියයි. ඇයගේ ටෙලිනාට්‍ය බොහොමයක් සඳහා දක්ෂතම නිළිය ඒ වගේම ජනප්‍රියතම නිළිය යන සම්මානය දිනා ගැනීමට උමාලි අවස්ථාව උදාකර ගත්තා.
උමාලි කියලා කියන්නේ රඟපාන විතරක් නෙවෙයි ගීත ගායනා කරන්නත් අපූරු දක්ෂතාවයක් තියෙන තරුණියක්. ඇය විසින් ගීත නිර්මාණයන් කිහිපයක් ම මේ වෙද්දි නිර්මාණය කරලා තියෙනවා. උමාලි පිළිබඳව අපි වැඩි වශයෙන් කතා කරන්නට පටන් ගන්නේ සාරංග උමාලි ආදර කතාව නිසයි.
කෙසේ නමුත් මේ වන විට සාරංග සහ උමාලි නීතියෙන් වෙන් වෙලා අවසන්. සාරංග ක්ෂේත්‍රයේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනක්ෂි සමග යුග ජීවිතයක් ගත කළත් උමාලි තාමත් තනිකඩව ජීවිතය පිළිබඳව අවබෝධ කර ගනිමින් ජීවත් වෙනවා. ඇය තමන් ගත කරන මේ ජීවිතය පිළිබඳව අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.
අතීතය කියන්නේ අතීතයට. අතීතය ගෙවිල ඉවරයි. වර්තමානය කවදාවත් අතීතයේ බවට පත් වෙන්නේ නැහැ. ඉතින් අද මම ගොඩක් දේවල් දරාගෙන ගොඩක් ඉදිරියට ඇවිල්ල තියෙනව කියල කියලා මට දැනෙනවා. මේ වසංගත කාලයත් එයට ලොකු උදව්වක් වුණා. ඉතින් ඉදිරියේදී මගේ ජීවිතයට වස්සානය උදා වෙනවා කියන එක නම් අනිවාර්යයි. හැබැයි ඒ කොයි විදියටද කියලානම් දැන්ම ඔබට කියන්නේ නැහැ.
උමාලි කියන්නේ ඉතාමත් දුක සේ ජීවිතය ගත කරන්නේ නැතුව හිත ශක්තිමත් කරගෙන ජීවිතය නැගී සිටින්නට ඇයට මේ වන විට හැකියාවක් ලැබුණා කියලයි. ඊට පස්සේ උමාලිගේ ජීවිතයට වසන්තය ආදරයක් විදිහට උදා වෙනවද කියලා අහපු අවස්ථාවක ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්.
බොහෝ දුරට. මොකද අපි හැමෝටම ජීවත් වෙන්න ආදරය අවශ්‍යයි කියලයි.
කාලයක් ජීවිතය තුළ කණගාටුවෙන් කාලය ගත කරපු මේ රංගන ශිල්පිනිය මේ වන විට අනාගතය පිළිබඳව සුභ සිහින දකින්නට පටන් අරන්. ඉතින් ඇගේ ජීවිතයේ ඇය පතන සියලුම සුභ කාරණාවන් ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.