ගෑස් මිල පැය 48න් බස්සන්න රනිල්ට රට බාරදෙන්නැයි ඉල්ලයි..


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් රට බාර දුනහොත් ගෑස් මිල පැය 48 ඇතුළත අඩු කරන බව එම එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

එවන් පියවරක් ගැනීම සඳහා දේශපාලන දැනුම හා පළපුරුද්ද මනාව තිබිය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

2015 වසරේ දී ද වික්‍රමසිංහ මහතා රට භාරගෙන එවැනි ආශ්චර්යන් රැසක් පෙන්වූයේ මෙවැනිම අමාරු ආර්ථිකයක් තිබිය දී බවත් ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහනක් අමතමිනි.

Post a Comment (0)
Previous Post Next Post