අවුරුද්දක් ගෙවි අවුරුද්දක් ලබන විට නව වසර් ඔබේ වාසනාව පිළිබදව දැනගැනිමට දක්වනුයේ ඉමහත් උනන්දුවකි.ඒ නිසා රස ගොසිප් අපි අද ඔ උපන් මාසයට අනුව ඔබේ ගති ගුණ පිළිබදව පැවසිමට සුදානම් වනවා.
♣ජනවාරි
රෝම මාස ක්‍රමය අනුව අවුරුද්දේ පළමුවැනි මාසයයි.ප්‍රඥාවට අධිපති ජානුස් නම් දෙවියන්ට උපහාර පිණිස වසරේ පළමු මාසය නම් කරන ලදී.ජානුස් දෙවියාට මුහුණු දෙකකි.එක් මුහුණක් ගෙවි ගිය වසරටත් අනෙක් මුහුණ එලඹෙන වසරටත්ය.
ජනවාරි මාසයේ උපත ලබා ඇත්තේ අවංක ,ක්රියාශ්රිලි,කඩි්සර අයයි.පොරොන්දු ඉටුකිරිමේ යහපත් ගුණ පිහිටා ඇත.ව්‍යාපාරික කටයුතුවලින් උසස් දියුණුවක් අත් කර ගත හැක.මුදල් ගණුදෙණු ඉතාම සුපරික්ෂාකාරිව සිදු කරයි.රහස් රැකිමේ සුවිශේෂි හැකියාවක් පවති.කිසිදු හේතුවක් නොමැති ඇතැම් අවස්ථාවලදි කණස්ස¨ ස්වභාවයෙන් හැසිරේ.
විනෝදයට හා කෙළි සෙල්ලමට කාලය ගත කරන ජනවාරි මාසයේ උපන් කාන්තාවෝ කිසිම දෙයක් ගැන එතරම් සැලකිල්ලක් උනන්දුවක් නොදක්වයි.නමුත් ඔවුන් නියමිත වයස් සිමාවේදි විවාහයට ඇතුළත් වුවහොත් ස්වාමියාට ඉතා හිතවත් භාර්යාවන් හා යහපත් මව්වරු වෙති.
♣පෙබරවාරි
පවිත්‍රත්වයට අධිපති පෙබ්රු නැමැති දෙව`ගනට උපහාර පිණිස වසරේ දෙවැනි මාසය පැරණි රෝමන්වරු නම් කර ඇත.තවත් මතයකට අනුව වනයට අධිපති පවූනූස් දෙවියන් වෙනුවෙන් පවත්වන ඓබ්රුවා යන රෝමන්වරුන්ගේ ජාතික උත්සවය පැවැත්වෙන කාලය පෙබරවාරි ලෙස නම්කර ඇතිබව සදහන් වෙයි.
අවුරුද්දේ දෙවැනි මාසය වු පෙබරවාරි මාසයේ උපත ලද ඇතැම් අය දියුණුවේ ඉතා උසස් තත්ත්වයට පත්වනු ඇත.නමුත් සමහරුන් ඉතා දුගී තත්ත්වයට පත් වන්නේය.මේ මාසයේ උපන් බොහෝ අය කාලය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වති.ඔවුනගේ ක්‍රියාවන්ගේද එතරම් වැදගත්කමක් නොමැත.
පෙබරවාරි මාසයේ උපන් ගැහැණු ළමුන් කුඩා අවධියේ ඉතාම අකීකරු අය වෙති.නමුත් ඔවුන් විවාහයෙන් පසුව දයාබර මාතාවන් බවට පත් වේ.
♣මාර්තු
පැරණි රෝමන්වරු යුද්ධයට හා සශ්‍රීකත්වයට මාර්ස් හෙවත් කුජ දෙවියා අධිපති බවට විශ්වාස කළහ.ඒ අනුව මාර්ස් දෙවියන් වෙනුවෙන් අවුරුද්දේ තුන්වැනි මාසය මාර්බ් යනුවෙන් නම් කළහ.
මාර්තු මාසයේ උපත ලැබුවෝ ඉදිරියේ සිදුවන වැඩ හෝ අවැඩ ගැනකිසිම වගවිභාගයක් නොමැතිව ක්‍රියා කරන්නෝය.තමාගේ දියුණුව ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි.නමුත ඔවුන් ලස්සන දෙයට දැඩි ඇල්මක් දක්වයි.ලෝබකම් නොමැත්තෝය.මේ මාසයේ උපත ලද අය අතර දක්ෂ නාට්යකරුවෝද වෙති.සුරාවට සුදුවට ඇබ්බැහි වුවෝද නැත්තේ නොවේ.කුලමානය තදින් හොදට හිතට ගන්නෝද මේ මාසයේ උපන් අය අතර දක්නට ලැබේ.
♣අප්‍රේල්
අප්‍රේල් මාසය නම් කිරිමේදි රෝමවරු කිහිප දෙනෙක් යොදාගෙන ඇතිබව පෙනියයි.ආදරයට අධිපති ඇපෝදීන් දෙවගනද ,වීනස් දෙව්දුවද රෝම ඇප්රිල්ස් දෙවගන හා ග්‍රීක ඇපොසිලේ දේවතාවියගේ ද නම් අනුව අප්‍රේල් යන්න ඇති වු බවට මතයක් පවතී.
අප්‍රේල් මාසයේ උපත ලැබුවෝ තමාගේ අතින් සිදුවු වරද වරදක් ලෙස දැකිමට මැලිවෙති.අනෙකෙකු අතින් සිදුවු වරදක් වරදක් හැටියට දැකිමට මැලි වෙති.එය ජිවිතාන්තය දක්වා සිතේ තබා ගැනිමට උත්සාහ කරයි.මෙහුව ඥානවන්තෝයය.රැකියාවේ අන්තිම හිනිපෙත්තටම නැගිමට සමත් වේ.මිනිසුන්ගේ බාහිර ලක්ෂණ අනුව හදුනා ගැනිමට සමත් වේ.විසිතුරු භාණ්ඩ සදහා කිසිදු පැකිලිමකින් තොරව මුදල් වියදම් කරයි.පරෙස්සම්කරි ගතිය අඩුය.පොරොන්දු හා ගිවිසුම් ආදියට සුදුස්සෝ නොවන බව පෙනියයි.මේ මාසයේ උපන් අයගේ විවාහය දෙදෙනාගේ හදුනා ගැනීම මත බොහෝවිට සිදුවෙයි.
♣මැයි
රෝමන්වරු වැඩිහිටියන් හැදින්විමට මැජෝරස් යනුවෙන් භාවිත කළහ.අවුරුද්දේ පස්වැනි මාසය වැඩිහිටියන් වෙනුවෙන් වෙන්කල රෝමන්වරු එය භාවිතයේ පහසුවට ˜මේ˜ යනුවෙන් නම් කලහ.
මැයි මාසයේ උපත ලද බොහෝ දෙනා ප්‍රසිද්ධ සමාජ සේවකයෝ වෙති.සමුහ වශයෙන් හෝ සමිති සමාගම්වලට සම්බන්ධ වි කටයුතු ටුකිරිමට උනන්දුවක් දක්වයි.ඒවායේ නිලතල ලබා ගනිමට මැලිකමක්නො දක්වයි.විනෝදකමි ජිවිතයකට හුරුවුවෝ වෙති.සැපසේ ගෙවියන ජිවිතය කෙළි සෙල්ලම් සදහා උපයෝගි කරගනියි.රැකියාව ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි.ධෛර්්යවන්තයෝය.එමෙන්ම ඉක්මනින් කෝපයට පත්වනනෝ වෙති.අන්‍යන්ට උපදෙස් දිමට තරම් දැනුම් තේරුම් ඇත්තෝය.යහපත් ඥාන ශක්තියක් හිමිය.කරුණාවන්ත අය වෙති.
♣ජූනි
ග්‍රික මහා දෙවි ජුපිටර්ගේ බිරිද වුද කන්‍යාවන්ගේ දෙවගන වුද පැරණි රෝමවරුන්ගේ වන්දනාමානයට පාත්රවුද ජුනෝ දෙවගනට උපහාර වශයෙන් අවුරුද්දේ හයවැනි මාසය ජුනි ලෙස නම්කර ඇතැයි සදහන් වේ.
ජුනි මාසයේ උපත ලැබුවෝ අභ්‍යන්තර ආශාවන්ගෙන් හා බලාපොරොත්තුවලින් සිත පුරවාගත්තෝ වෙති.නිතරම කනස්ස¨ ගතියක් පෙන්නුම් කෙරේ.දුක්විදින මනුෂ්‍යයන් වෙනුවෙන් අනුකම්පාවක් දක්වති.ඒ අයට ආධාර උපකාර කිරිමට මැලි නොවේ.අදට වඩා හෙට හොදයි කියා සිතිමක් නැත.හෙට කලයුතු දේ පවා අදම කිරිම ඔවුන්ගේ සිරිතය.කිසිවෙකු කෙරෙහි විශ්වාසයක් නොතබයි.අන්‍යයන්ගේ වැරදි සෙවිමට අති දක්ෂයෝය.ඊර්ෂ්‍යා සහගත අදහස් ඇත.මේ මාසයේ උපත ලැබු බොහෝ දෙනෙක්ගේ විවාහයද අවාසනාවන්ත ලෙස කඩාකප්පල් විය හැකිය.
$ads={2}
{getButton} $text={දෙවැනි කොටසට මෙතැනින් යන්න} $icon={link}$color={#3367d6}