සතොසෙන් සහල් හා සීනි මිලට ගැනීමේදී තවත් අමතර භාණ්ඩ 5 ක් මිළට ගැනීම අනිවාර්ය කෙරේ


සතොස මඟින් ලැබෙන සහනය යොදා ගනිමින් ඇතැම් ජාවාරම්කාර වෙළඳුන් භාණ්ඩ වැඩි මිලට විකිණීම වැලැක්වීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ 5 ක් මිලදී ගැනීම අනිවාර්ය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව සහල් හා සීනි සතොස හරහා මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ 5 ක් මිලදී ගත යුතු වනවා.

කෙසේ වෙතත් සතොස වෙළඳසැල් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදීගැනීමට පාරිභෝගිකයා පෙළඹවීම නීති විරෝධී බව අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා පෙන්වා දෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙය පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංඝණය කිරීමක් බවයි

Post a Comment (0)
Previous Post Next Post