සපුගස්කන්දේ කාන්තා මළ සිරුර සැමියා හඳුනා ගනී: තවත් තොරතුරු රැසක්


සපුගස්කන්ද, මාබිම, වී මෝල පාරේ කසළ ගොඩ ගසා තිබූ ස්ථානයක ගමන් බෑගයක දමා ගොස් තිබූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කර ගෙන තිබේ.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ කාන්තාව වයස අවුරුදු 44ක මාලිගාවත්ත මහල් නිවාස සංකීරණයේ පදිංචිකාරියක බවට හඳුනා ගෙන ඇති බවය.

මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් ඇයගේ අනන්‍යතාව තහවුරු කර ගනු ලැබ ඇත.

බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, සිය බිරිඳ ඔක්තෝබර් මස 28 වන දින සිට ආගිය අතක් නොමැති බවට ඇයගේ සැමියා නොවැම්බර් 01 වන දා පැමිණිල්ලක් කර තිබූ බව ය.

සපුගස්කන්ද, මාබිම, වී මෝල පාරේ කසළ ගොඩක දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශ වාසීන් පොලිසියට කළ දැනුම් දීමක් මත අදාළ මළ සිරුර ඊයේ (නොවැ: 5) සොයා ගනු ලැබී ය.

අඩියක් ගැඹුරු, අඩි දෙක හමාරක් දිග, අඩි දෙක හමාරක් පළල ගමන් මල්ලක අදාළ මළ සිරුර බහා තිබුණු බව අප වාර්තාකරු පැවසී ය.

ඔහු සඳහන් කළේ, එම කාන්තා මළ සිරුරේ අත පය ගැට ගසා තිබුණු බව ත්, ඇය  කළු හා රතු පැහැති කොටු ගවුමක් ඇඳ සිටි බවත් ය. 

දැනට දින තුනකට පමණ පෙර ඇය ඝාතනය කර මල්ලක බහා මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක පළ කර තිබිණි.

Post a Comment (0)
Previous Post Next Post