මේෂ - මුදල් වැයවේ
මුදල් නාස්තිවීම් සිදු වේ. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. නැතහොත් වැඩකටයුතු කල්දැමීමට සිදු වේ. ඥාති මිත්‍රාදීන් සමග අවුල් වියවුල් ඇති කර ගනී. වාසස්ථානයේ අපිරිසිදු තත්ත්වයක් ඇති වේ.
කටක - සිත් තැවුල්
සිත් තැවුල් ඇති වේ. වියදම් පක්ෂය ඉහළ යයි. නොතේරුම්කමින් පාඩු සිදුකර ගනී. කල්පනාකාරී විය යුතුයි. ඥාතීන් සමග ගනුදෙනු කිරීමේදී ගැටලු මතු විය හැක. කරගෙන යන වැඩකටයුතු ප්‍රමාද වේ.
තුලා - අධ්‍යාපනයට සුබයි
වියදමට සරිලන ආදායම් උපයයි. සතුරු කරදර මර්දනය වේ. ස්මරණ ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපනයට ශුභයි. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලැබේ. මහන්සි වී යම් වැඩක් කිරීමට සිදු වේ.
$ads={2}
මකර - සතුරු කරදර
නව ආදායම් මාර්ග පිළිබඳ අදහස් ඇති වේ. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමේ අපහසුතා පැන නගී. සතුරු කරදර වැඩි වේ. මිත්‍රයකුගේ හෝ අමුත්තකුගේ හමුවීමක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි.
වෘෂභ - උසස් අයගේ ඇසුර
බලාපොරොත්තු ඉටු වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුවලින් ද සාර්ථකත්වයක් ලබයි. තම තත්ත්වය උසස් වේ. එමෙන්ම උසස් පුද්ගලයන්ගේ ඇසුරට පත් වේ.
සිංහ - ගෞරවයට හානි
මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෞරවයට හානි වන ආකාරයේ කටයුතු සිදු වේ. සොර සතුරු පීඩා පැන නගී. කරගෙන ආ කටයුතුවල ප්‍රමාදතා සිදු වේ. ධෛර්යයෙන් වැඩකටයුතු කළ යුතුයි.
වෘශ්චික - හදිසි වියදම්
හදිසි මුදල් වියදම් පෙන්වයි. සිත් චංචල කරවන සිදුවීම් යෙදේ. ශුභ වැඩ ආරම්භයට සුදුසු නොවේ. අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බයක් ඇති වේ. උදාසීන ගති ඇති කරයි. අධ්‍යාපනයට බාධා පැමිණේ.
කුම්භ - ආදරයට විරෝධතා
ආදර සම්බන්ධතාවලට වැඩිහිටි විරෝධය එල්ල වේ. කරගෙන යන කටයුතුවලට කරදර මතු වේ. වියදම් පක්ෂය ඉහළ යයි. විනෝද ක්‍රීඩාවල නිරත වේ. එහෙත් සිතේ සතුටක් ඇති නොවේ. තද ලෙස රාගාධික සිතිවිලි පහළ වේ.
මිථුන
ආදායම් තත්ත්වය සරුයි. රැකියා කටයුතුවල දියුණුවක් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයට වාසිදායකයි. පතල් කර්මාන්තයේ යෙදෙන්නන්ට වටිනා මැණික් හමුවිය හැක. විනෝදයට බර වේ.
කන්‍යා - ව්‍යාපාරවලින් වාසි
ශුභදායකයි. නොයෙක් ආකාරයේ ලැබීම් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාරවල නිරත අයට වාසිදායකයි. ගොවිතැන් කටයුතුවලින් ද ආදායම් සරු වේ. ස්ත්‍රී පක්ෂය සමග හිතවත්කම් ඇති වේ. සමාජයේ ගෞරවයට ලක් වේ.
ධනු - මුදල් හිඟතා
සිතේ කනගාටුවක් ඇති වේ. රැකියා ස්ථානයේ උසස් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ල වේ. මුදල් සම්බන්ධ අගහිඟතා මතු කරයි. ඇඳුම් පැලඳුම්වලට හානි පැමිණේ. ගෙදරින් පිට වාසය කිරීමට සිදු වේ.
මීන - රැකියා උසස්වීම්
යහපත් දිනයකි. දියුණුවක් ලැබේ. බලාපොරොත්තු ඉටු වේ. ඉගෙනීම් කටයුතුවලින් ජයග්‍රහණ ලබයි. විදෙස් අධ්‍යාපන කටයුතුවලට යොමු වීමේ පදනම වැටේ. ඥාති මිත්‍රාදීන්ගේ සිත් දිනා ගනී. රැකියා උසස්වීම්වලට මග පෑදේ