සජබ අද පා ගමනට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් - විපක්ෂ නායකගේ ප්‍රධාන ආරක්ෂක පැමිණිලි කළ බව පොලිසිය කියයි


අදාළ වි​රෝධතා රැලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ යම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක කිරිමැටිදෙනිය විදානලාගේ සමන්ත දිලුක් දිල්ෂාන් කුරුඳුවත්ත පොලිසිය වෙත ඉකුත් 09 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන කොවිඩ් මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගය අද විරෝධා රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය වළක්වාලන ලෙස ඉල්ලමින් පොලිස් ස්ථාන රැසක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ රැසකින් ඉල්ලීම් කර තිබිණි.

එම ඉල්ලීම් ඉදිරිපත් කරමින් පොලිසිය, විරෝධතා පා ගමනට එල්ල විය හැකි බව කියන ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් පවත්වන බවද අධිකරණය වෙත දන්වා සිටියේය.

ඒ පිළිබඳව බොරැල්ල පොලිසිය, කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් පී.ඩී. පෙරේරා වෙත කරුණු ඉදිරිපත් කළ අවස්ථාවකදී ජනාධිපති නීතිඥ ගුණරත්න වන්නිනායක මෙසේ පැවැසීය.

$ads={2}

‘‘පාස්කු ප්‍රහාරය එල්ල වනතුරු නිහඬව සිටි පොලිසිය අද ඇවිත් කියනවා මෙම විරෝධතා රැලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකියි කියලා’’

මෙහිදී පොලිසිය පැවැසුවේ,

‘‘මෙම උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කුරුඳුවත්ත පොලිසිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියායි. එම පැමිණිල්ල අනුව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළා’’ යනුවෙනි.

Post a Comment (0)
Previous Post Next Post