මේෂ - තනතුරුවලින් පහතට
ආදායම වියදම සමබරයි. රැකියා ස්ථානයේ දෝෂාරෝපණ එල්ල විය හැක. තනතුරුවලින් පහත වැටීමේ අවදානමක් පවතී. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ප්‍රයෝජන අත්පත් වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.
කටක - රැකියාවේ ගැටලු
වියදම් පක්ෂය ඉහළ යයි. දුරදිග නොබලා කරන කටයුතු හේතුවෙන් පාඩු සිදු වේ. කරගෙන යන වැඩකටයුතු කල් දැමීමට සිදු වේ. කේලාම් ඕපාදූප හේතුවෙන් රැකියාවේ ගැටලු මතු කරයි.
තුලා - සතුරන් වැඩි වේ
ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. ණයතුරුස් වීමට පවා ඉඩ තිබේ. සිත් තැවුල්වලට හේතු යෙදේ. නඩුහබවලට පැටලීමෙන් කරදර සිදු වේ. මිතුරන් සතුරන් බවට පත් විය හැක. ජාතිකයන් ද ඇසුරට පත් වේ.
මකර - බලාපොරොත්තුවක් ඉටුවේ
ආදායම් තත්ත්වය තරමක් දුරට යහපත්ය. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉෂ්ට වේ. කය වෙහෙසා වැඩ කිරීමට සිදු වේ. රැකීරක්ෂා කටයුතුවල නිරත වීමේ දී කල්පනාකාරී විය යුතුයි.
වෘෂභ - මුදල් හානි
මිල මුදල් හානි සිදු වේ. තමාගේ වටිනා බඩු භාණ්ඩවලට හානි පැමිණේ. රැකියා ස්ථානයේ කැලඹිලිකාරී දෑ සිදු වේ. බලාපොරොත්තු කඩ වීමෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි.
සිංහ - ගොවිතැන්වලින් වාසි
විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග පුළුල් කර ගනී. ණයට දුන් මුදලක් නැවත ලැබේ. ගොවිතැන් කටයුතුවල නිරත අයට වාසිදායකයි. සමාජයේ ගෞරව සැලකිල්ලට පාත්‍ර වේ.
වෘශ්චික - අනවශ්‍ය වියදම්
අනවශ්‍ය වියදම් යෙදේ. අවුල් වියවුල් සහිතයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. ආහාර ජීර්ණයේ අපහසුතා මෙන්ම දණහිසෙන් පහළ ආබාධ තත්ත්වයන් ඇති කරයි.
කුම්භ - විවාහයේ මතගැටුම්
අධික ලෙස මුදල් වියදම් වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. අධ්‍යාපන කටයුතුවලට අවහිරතා ඇති වේ. සැමියා හා බිරිඳ අතර මත ගැටුම්වලට ඉඩ පවතී. විවාහ යෝජනා ස්ථිර වීම කල් යයි.
මිථුන
සිත් සතුටට කරුණු සැලසේ. යහපත් දේට සිත යොමු කරයි. වෙනදාට වඩා සැප පහසුව කල් ගත කිරීමේ හැකියාව ලැබේ. ලබාගන්නා ආහාරපානවල විශේෂත්වයක් ඇති වේ. ගේදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි.
කන්‍යා - අන්සතු වස්තුව ලැබේ
බලාපොරොත්තු ඉෂ්ට වේ. ඥාති මිත්‍රාදීන්ගේ වැඩි සැලකිල්ලක් ලබයි. අන්සතු වස්තුව පවා ලැබීමේ ඉඩකඩ පවතී. විදෙස්ගත අධ්‍යාපන කටයුතුවලින් ද ජයග්‍රහණ ලබා ගනී. උසස් අය සමග ආශ්‍රය ඇති වේ.
ධනු - රැකියා උසස්වීම්
ආදායම් මාර්ග සරු වේ. මිතුරන් හා ආශ්‍රය වැඩි වේ. වෙනදාට වඩා සැප පහසුවක් ලැබේ. රැකීරක්ෂා කටයුතුවල උසස්වීම් පෙන්වයි. ගෙදරදොර සාමකාමී බවක් ඇති වේ. විනෝද කටයුතුවලට යොමු වේ.
මීන - සිතේ භය සංකා
මුදල් පාවිච්චියේ දී කල්පනාකාරී වන්න. ඥාති මිත්‍රාදීන් සමග ආරවුල් ඇති වේ. සිතේ භය සංකා ඇති කරයි. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතු දිනයකි. හිතවත් අයකුගෙන් සංග්‍රහයක් ලැබීමේ ඉඩ පවතී.