අද දවසේ ලග්න පලාපල - 2021 නොවැම්බර් මස 29 වන සඳුදා


මේෂ - දෝෂාරෝපණ

මිල මුදල් ලැබීම මධ්‍යස්ථයි. කේලාම් ඕපාදූප හේතුවෙන් සතුරන් ඇති වේ. රැකියා ස්ථානයේ දෝෂාරෝපණ එල්ල විය හැක. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ප්‍රයෝජන අත්පත් වේ.

කටක - නිෂ්ඵල වියදම්

නිෂ්ඵල ලෙස මුදල් වියදම් වේ. මිත්‍රයෙක් සමග අවුල් වියවුල් ඇති විය හැක. කරගෙන යන කටයුතු අසාර්ථක වීමට හෝ ප්‍රමාද වීමට ඉඩ තිබේ. ලාභ ප්‍රයෝජන අඩු දිනයකි. අත්වැරදීමකින් පාඩුවක් සිදුවිය හැක.

තුලා - වැරදි අවබෝධ

නඩුහබවල පැටලී ඇත්නම් විරුද්ධ පාර්ශ්වයේ තර්ජන එල්ල වේ. නැතහොත් පවුලේ වැඩිහිටි අයකුගෙන් හෝ විරුද්ධවාදිකම් ඇති වේ. වැරදි අවබෝධය හේතුවෙන් පවුල් ජීවිතයේ ගැටලු මතු කළ හැක.

මකර  - අධික වියදම්

අධික ලෙස මුදල් වියදම් වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයගේ ලාභ අඩු වේ. කරගෙන යන කටයුතුවලට අවහිරතා ඇති කරයි. සැමියා හා බිරිඳ අතර මත ගැටුම්වලට ඉඩ පවතී.

$ads={2}

වෘෂභ - මුදල් හානි

මිල මුදල් හානි පෙන්වයි. ඥාති මිත්‍රාදීන් සමග ආරවුල් ඇති වේ. සිතේ භය සංකා ඇති කරයි. කල්පනාවෙන් හා ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතු දිනයකි. ගෙදරදොර වටපිටාව අපිරිසිදු තත්ත්වයට පත් වේ.

සිංහ - වැඩකටයුතු අතහරී

අධික වියදම් යෙදේ. අන්‍යයන්ගේ කතාබහ හේතුවෙන් තාමට අගෞරව සිදු වේ. දියුණුවට ඇති මාර්ගවලට බාධා අවහිරතා පැමිණේ. මිල මුදල් අඩුපාඩු හේතුවෙන් යම් යම් වැඩ අතහැර දැමීමට සිදු වේ.

වෘශ්චික - වාද විවාදවලින් ජය

ආදායම් තත්ත්වය ශුභදායකයි. සැප පහසුව ඇති වේ. විනෝදජනක අවස්ථාවන්ට සහභාගි වේ. ස්ත්‍රීන් සමග ඇති සබඳතා වර්ධනය වේ. වාද විවාදවලට යොමු වී ජයග්‍රහණ ලබා ගනී. ශරීර සෞඛ්‍යය යහපත්ය.

කුම්භ - වස්තු ලාභ

ජයග්‍රහණ අත්පත් වේ. සුළු සුළු වස්තු ලාභ හිමියි. සිතේ ඇති අදහස් ඉටුකර ගැනීමට මග පෑදේ. මහන්සි වී වැඩකටයුතු කිරීමට සිදු වේ. ප්‍රණීත ආහාරපාන ලැබේ. සේ පවුල් ජීවිතය සාර්ථක අන්දමට ගෙන යයි.

මිථුන

නිෂ්ඵල ගමන් යෙදේ. ඒ හේතුවෙන් වියදම් පක්ෂය ඉහල යයි. කරගෙන යන කටයුතුවල අවුල් වියවුල් තත්ත්වයක් ඇති වේ. රැකීරක්ෂා කටයුතුවල යෙදීමේ දී උදාසීන ගති මතු කරයි. සිතට සැකයක් පහළ වේ.

කන්‍යා - අනුන්ගෙන් උදව්

මිල මුදල් ලාභ හිමියි. වාසනාවන්ත දිනයකි. තමාගේ කටයුතුවලට අනුන්ගේ උදව් උපකාර හිමි වේ. වස්තු ලාභ හිමියි. ජලය සම්බන්ධ වෙළෙඳාම්වලින් වැඩිපුර වාසි ලබයි. කය වෙහෙසා වැඩ කරයි. ධෛර්යවන්ත වේ.

ධනු - අලුත් මිතුරන්

මුදල් ලාභ හිමියි. ලොතරැයි දිනුම් උරඟා බැලීමට සුදුසු දිනයකි. ගොවිතැන් කටයුතුවලින් ලාභ උපයයි. තරුණියන් සම්බන්ධ වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් හිමි වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ.

මීන - නව ආදායම්

සැප පහසුව ඇති වේ. නව ආදායම් මාර්ග සොයා ගනී. නවීන තාක්ෂණ උපකරණ කෙරේ අවධානය යොමු කරයි. පදිංචි ස්ථානයේ සුළු සුළු වෙනස්කම් කිරීමට කටයුතු කරයි. වෙනදාට වඩා ප්‍රණීත ආහාරපාන ලැබේ.

Post a Comment (0)
Previous Post Next Post