පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 25 වනදා ජීවිතක්ෂයට පත්වූ
පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචි 19 වියැති අයේෂා කුමුදුනී නැමති විවාහක කත මියගියේ ගෑස් උදුන, ගෑස් සිලින්ඩරයේ හෝ රෙගියුලේටරයේ දෝෂයක් නිසා ඇතිවූ ගිනි ගැනීමකින් නොව සිරුරට ගිනි තබා ගැනීමකින් බව පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
$ads={2}
මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් විමර්ශනයක් සිදුකර ඇති බවත් මේ දක්වා සිදුකර ඇති විමර්ශන අනුව ඇය මියගොස් ඇත්තේ සිරුරට ගිනිතබා ගැනීමක් හේතුවෙන් සිදුවූ තුවාල ආසාදනයෙන් යැයි අනාවරණය වී ඇති බවත් එම නිවේදනය සඳහන් වේ.
ඇයගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව බාහිර පිළිස්සීම් තුවාලවලට විෂබීජ ආසාදනය වීම බවයි.
මිට ඉහතදී පොලිස් වාර්තා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර සිටියේ, පසුගිය 13 වැනිදා ඇය නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී එය දැල් වී නොමැති නිසා ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බවයි.
කෙසේ වෙත්ත ඇගේ පියා පවසන්නේ, “මට දුව කිව්වෙ ගෑස් ලිප පත්තුවුනේ නැහැ. ඒ නිසා ගිනි පෙට්ටියෙන් කූරක් ගැහුවා. ඒකෙන් තමයි ගිනිගත්තෙ කියලා. පොලොන්නරුව ඉස්පිරිතාලෙට ගියාම මමයි ගියෙ බලන්න. දුව මට කිව්වෙ තාත්තෙ මාව ගෑස් එකට පිච්චුනා කියලා.” යනුවෙනි.
සිද්ධිය වන විට නිවසේ වෙනත් කිසිවකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ ගෑස් ලිපෙන් මුළුතැන්ගෙයි පුරා නැඟුණු ගිනි නිවා අසල්වාසීන් විසින් ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර ගෑස් අනතුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සම්මේලනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.