ප්‍රසිද්ධියේ සිය අනියම් බිරිද සමග සාප්පු සවාරියක නිරතවූ අනුරාධපුරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු නීත්‍යානුකූල බිරියගේ අතටම අසුවීමෙන් පසු ඇය සමග බහින් බස්වී නීත්‍යානුකූල බිරිඳට සිහිසුන් වනතුරුම අමානුෂික ලෙස පහරදී තිබේ. ඉන්ද නොනැවතී නීත්‍යානුකූල බිරිය මෝටර් රථයට හප්පා තුවාල කිරීමට උත්සහ කරද්දි පොලිස් නිලධාරියෙකු මැදිහත්වී ඇය බේරාගෙන ඇත. මෙය සිදුව ඇත්තේ පෙරේදා (2වැනිදා) සවසය. අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ ඇති දිවයිනේ ප්‍රසිද්ධ ගෘහ උපකරණ හා විදුලි උපකරණ අලවි කරන ආයතනයක ශාඛාව ඉදිරිපිටදී පහරදීම සිදුකර තිබේ.
අනියම් බිරිඳත් අනියම් සැමියා සමග එක්ව නීත්‍යානුකූල බිරිඳට පහරදී ඇත. විශාල පිරිසක් බලා සිටියදී ව්‍යාපාරිකයා සිය තරුණ බිරිදට අමානුෂික අන්දමින් එළවා එළවා ප්‍රහාරය එල්ල කර තිබුණි. එම ව්‍යාපාරිකයා හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි සුපිරි වෙළඳ ආයතනයට පැමිණ ඇත්තේ අනියම් බිරියගේ නිවසට අවශ්‍ය විදුලි උපකරණ කිහිපයක් මිලදී ගැනීමටය. එම අවස්ථාවේ නීත්‍යානුකූල බිරිඳ අසනීප තත්ත්වයෙන් පසුවන දරු දෙදෙනා සමග ඔවුන්ට අවශ්‍ය කලමනා කිහිපයක් මිලදී ගැනීමට අනුරාධපුර නගරයට පැමිණ ත්‍රිරෝද රථයකින් හරිස්චන්ද්‍ර මාවත ඔස්සේ ගමන් කර තිබේ.
එසේ ගමන් කරද්දී සිය සැමියාගේ මෝටර් රථය අදාළ සුපිරි වෙළෙඳ ආයතනය ඉදිරිපිට තිබෙනු දැක ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කුමන ස්ථානයක සිටින්නේද යන්න විමසා ඇත. ඒ අවස්ථාවේ ඈත ප්‍රදේශයක ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි බව ඔහු බිරිඳට පවසා තිබෙන අතර ඇය වෙළෙඳ ආයතනයට ඇතුළු වෙද්දී සැමියා අනියම් බිරිය සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සුපිරි භාණ්ඩවල මිල ගණන් විමසමින් සිට ඇත.
ඇය එම ස්ථානයට ගොස් සැමියා සමග බහින් බස්වීමත් සමග සැමියා ඇයව ගෙලෙන් අල්ලාගෙන ආයතනයෙන් පිටතට රැගෙන විත් පහරදී තිබේ. එය අවස්ථාව කරගත් අනියම් බිරිඳත් ඇයට පයින් පහරදී හෙමින් සීරුවේ එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත. සැමියා බිරියට සිහිසුන්වන තුරුම පහරදී ඇය බිම වැටුනු පසුව මෝටර් රථයට දරු දෙදෙනා නංවාගෙන ඇත. සිහිය පැමිණි නීත්‍යානුකූල බිරිඳ අනුරාධපුර ශික්ෂණ රෝහල දෙසට දිව යද්දි මෝටර් රථයෙන් හඹාගිය සැමියා ඇයව රථයට යට කිරීමට අවස්ථා කිහිපයක් උත්සහ කර ඇතත් ඇය ඉන් බේරී තිබේ.
ව්‍යාපාරික සැමියා අම්මා ඉල්ලමින් හඬා වැටුණු අසනීප තත්ත්වයකින් පෙළෙන දරු දෙදෙනා මෝටර් රථයේ නංවාගෙන පලා ගිය බව සිද්ධිය ඇසින් දුටු හා සිද්ධිය ජංගම දුරකථනවල පටිගත කරගත් අය පැවසූහ.