ගෝඨාගේ, මහින්දගේ පඹයෝ පෙරටු කොටගෙන කෑගල්ලට මහා සෙනගක් එයි! [PHOTOS][VIDEO]


රටේ උතුර ද දකුණ ද නැගෙනහිර ද කොටස් වශයෙන් විකුණා දමන්නට කැබිනට් පත්‍රිකා පාස් කරන විට ඇස් කන් පියාගෙන සිටි ආණ්ඩුවේ උදවිය දැන් සිහිනෙන් අවදි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව බලයට පත්වෙන විට තාප්ප පුරා චිත්‍ර ඇදපු තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමේ සිටිනවාද කියා සොයා බලන්නට පාලකයින්ගේ ඇස් ඇරී තිබෙන්නේ දැන් ද කියා තමන් ආණ්ඩුවෙන් විමසා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් මහතා විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවය අද (03) කෑගල්ල නගරයේ දී පැවැත්විණි

එම විරෝධතාවය පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ම ඊට එක්ව සිටියහ.

ආණ්ඩුව යන ගමන වැරදි බව ආණ්ඩුවේ සිටම දන්නවා නම් තනතුරු තාන්න මාන්න තබාගෙන ආණ්ඩුවට වී නොසිට එළියට බැස ජනතා අරගලයට එක් එක් වන ලෙස ද විපක්ෂ නායකතුමා ඔවුන්ට ආරාධනා කළේය.

මේ වනවිට ගරු සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ආණ්ඩුව චෝදනා එල්ල කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ අන්තනෝමතික පලිගැනීම් වලට එරෙහිව මුළු රටේම ජනතාව එකට සිට ගන්නා බවද පැවසීය.

සත්‍ය කතා කරන පියතුමන්ලා දඩයම් කිරීමත්,ඇත්ත වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන්ට එරෙහිව ආණ්ඩුවේ අවි එසවීමත් වහාම නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මර්දනකාරීත්වයට එරෙහිව කොන්දේසි විරහිතව තමන් කටයුතු කරන බවද පැවසීය.








Post a Comment (0)
Previous Post Next Post