ලංකාව ආසියාවේ දුප්පත්ම රට වීම ස්ථිරයි.. ආණ්ඩුව අන්තිම අසාර්ථකයි.! – අනුර යාපා කියයි | [VIDEO]


ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පසුව ආණ්ඩුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාද ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් අදහස් දැක්වීමක් සිදු කොට ඇත.එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් කැබිනට් මණ්ඩලය අසාර්ථක බවයි.

අනුව තමන්ට ඇමැති ධූරයක් ලබා දුන්නද බාර නොගන්නා බව ඒ මහතා පවසයි.

අද ආණ්ඩුව කරන කිසි දෙයක් ජනතාව නොදන්නා බවත්, ඇමැතිවරු පවා කියන කරුණු පිළිබද විශ්වාසයක් නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.මෙ තත්ත්වය යටතේ විකල්පයක් බලයට ඒම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉතාම අසාර්ථක බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.අද වන විට ලංකාව ආර්ථික වශයෙන් විශාල අර්බුදයට ගොස් ඇති බවත් ලංකාව ආසියාවේ දුප්පත්ම රට බවට පත් වීම වැලැක්වීමට නොහැකි බවත් ඒ මහතා කියා සිටියි.

වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් හෝ අදහසක්ද නැති බවද ඔහු පෙන්වා දෙයි.

රටේ ජනතාව පවතින දේශපාලනය ගැන අතෘප්තිමත් නම් වෙනත් දේශපාලන බලවේගයක් එම ඉඩකඩ අත්පත්කර ගැනීම වැලැක්වීම කිසිවෙකුට නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.අන්තර්ජාල සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෙම ආණ්ඩුවේ ඇමති ධුරයක් තමනට දුන්නත් බාර ගන්නේ නැතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.


Post a Comment (0)
Previous Post Next Post