ඒ අය කියන දේ අහන්න ඒ අය අපේ බාප්පලාද..? | හිටපු ජනාධිපති මෛත්‍රී හිනාවෙමින් ආණ්ඩුවට දාපු නෝන්ඩිය


ආණ්ඩුව කියන දේ අසා සිටීමට ඒ අය ‌අපේ බාප්පලාදැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දුන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

කුට්ටිආරච්චි මහතා කියා සිටියේ තාච්චියට අවශ්‍ය ලෙස ආප්පය හැසිරිය යුතු බවත්, ආප්පයට අවශ්‍ය පරිදි තාච්චිය නොහැසිරෙන බවත්ය.

ඉකුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ආප්ප කා ආණ්ඩුවෙන් එළියට බැස්ස බව ප්‍රසිද්ධ කතාවකි.

මෛත්‍රීපාල සිරිසේන’ (උපත 1951 සැප්තැම්බර් 3) ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනධිපතිවරයා වෙයි. ඔහු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ “පොදු අපේක්ෂක” ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.

මුල් යුගය

නව යෞවනයෙකු ලෙස සිරිසේන කොමියුනිස්ට්වාදය ගැන උනන්දු විය. 1967 දී ඔහු පොළොන්නරුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) තරුණ ලීගය එක් විය. ඔහු 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල කාලයේදී සිරගත කරන ලදී. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නැඟිට, 1981 දී එහි දේශපාලන මණ්ඩල සභික, එක්වීමට ඔහු 1983 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා තරුණ සංවිධානයේ සභාපති බවට පත් විය.

Post a Comment (0)
Previous Post Next Post